පිරිමියෙක් නම් ඒ වගේ ඉන්න ගෑනු බාගයක් වෙන්නේ නැතුව අමායා - අමායා අධිකාරි




කළා ක්‍ෂේත්‍රයට ගැන කතා කරද්දී කතා නොකරම බැරි කළා පවුලක් තමයි අතුල අධිකාරිගේ ආදරණීය පවුල, ඉතින් මේ පවුල ඇතුලේ හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක විදියටත් හදුන්වන්න පුළුවන් චරිතයක් තමයි අමායා අධිකාරි කියන්නේ, ඉතින් අද අපේ මේ සුන්දර කතාබහ ඔයාලා හැමෝම ආදරේ කරන අමායා අධිකාරි සමගයි, 


ඉතින් අමායා මොකද වෙන්නේ මේ දවස්වල මොනවද අලුත් තොරතුරු, 


” මේ දවස්වල කියලා එහම විශේෂයක් නෑ, මම ඉතින් වෙනදා වගේම තමා හරිම සැහැල්ලුවෙන් ඉන්නවා, ඒ වගේම ගෙදර වැඩ බබාගේ වැඩ එක්ක ටිකක් කාර්යබහුල වෙන වෙලාවලුත් තියෙනවා, හැබැයි සමස්තයක් වශයෙන් ගත්තොත් මම ගොඩක් සැහැල්ලුවෙන් ආදරණීය ජීවිතයක් ගතකරනවා,

අමායා දැන් රංගනයෙන් නිරූපනයෙන් ඈත් වෙලාද වැඩිය පෙන්න නැත්තේ, 


”නැහැ, හැබැයි මම රෑම්ප් මොඩ්ලින්වලට සම්බන්ද වෙන්නේ නැහැ, හැබැයි මම දකින විදියට වතමානයේ නම් මොඩ්ලින් කියන ක්‍ෂේත්‍රයට හරි වටිනාකමක් ලැබෙන්නේ නෑ, අනිත් කාරණය මම ඇඟපුරාම ටැටූ ගහලා තියෙන්නේ ඉතින් ඒ නිසා මට ලැබෙන්නේ හරිම සීමත චරිත, කොහොම වුනත් මම කලාවෙන් සමු අරගෙන නෑ, හැබැයි මට ලැබෙන හොඳ නිර්මාණයක් මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ,”

අමායා අතුල එක්ක ළඟදී ප්‍රශ්නයක් දාගත්තා කියලා අපිට දැනගන්න ලැබුනා, මොකද්ද ඒ කතාව, 

”මෙහෙමයි මමයි අතුලයි රණ්ඩු වෙනවද යාලුවෙනවද කියන එක තීරණය කරන්නේ අපි දෙන්නා, අපි කතා කරනවද නැද්ද කියන එකත් තීරණය කරන්නේ අපි දෙන්නා, ඒක අපි දෙන්නගේ ප්‍රශ්නයක්, අපි අතරේ පොඩි දෙයක් වුනත් ඒක මහා ලොකු ගොසිප් එකක් විදියට ශෙයා කරනවා, මෙහෙමයි ඒමගේ පුද්ගලික ජීවිතය ඒකට අනවශ්‍ය විදියට කවුරුවත් අනවශ්ෂ විදියට ප්‍රශ්න කරනවට මම කැමති නෑ, ඒ නිසා ඒ ගැන කතා නොකර ඉන්නවනම් මට සතුටුයි,”

ඉතින් මේ විදියට කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ අමායා ඇයගේ සමාජ ජාලා ගිණුමට අපූරු සටහනක් එකතු කරලා තිබ්බා ඒ සටහන තමයි මේ 


”කවුරුවත් මට කන්න අදින්න දෙන්නැත්තම් මම අඳින පලදින විදිය මගේ ගෙදර අයට ප්‍රශ්නයක් නැත්තම් මම අඳින්නේ පලදින්නෙ මන් හම්බකරගත්තු මිල මුදල් වලින් නම් කොටින්ම මම කරන්නෙ මට කැමති දෙ නම් කාටවත් ඇයි වේදනා. පුහු ඇතුලාන්තයක් සහිත ජීවිතේ විදින්න දන්නැති අබ්බගාත චීත්ත අදින බහුතරයක් පිරිමි ඇත්තටම දැක්කමත් අප්පිරියයි. කොල්ලෙක් නම් කොලුකම තියන් අනුන්නෙ ඒවා හොයන්නැතුව ඉන්නකො පිරිමියෙක් වගෙ. ගැනු නම් තව කමක් නෑ. ගැහැනියකට කොහොමත් ගැහැනියක්මයි කියල කතාවක් තියෙනවනෙ.

ඒ ගෑනුකම කියල හිත හදා ගන්න පුලුවන්. ඇදුමකින්, හමේ පාටින් පිරිමියෙක් වල කපන්නෙ කොහොමත් ගැහැනියක්මයි කියල කතාවක් තියෙනවනෙ. ඒ ගෑනුකම කියල හිත හදා ගන්න පුලුවන්. ඇදුමකින්, හමේ පාටින්, ටැටූ එකකින් තව මනුස්සයෙක් ලේබල් කරන්න කලින් දෙපාරක් හිතන්න තමුන් ඉන්නෙ කොතනද කියලා. තමුන්හරි මිනිහෙක් ගෑනියෙක් නම් කාලේ කකා අනුන්ගෙ දේවල් හොයන්න වෙලාවක් ඉතුරු වෙන් නෑ, ඒ නිසා වැඩකට නැති චීත්තයක් වෙන්නෙපා. හිරිකිතයි පිරිමියෙක් නම් ඒ වගේ ඉන්න ගෑනු බාගයක් වෙන්නේ නැතුව” කියලා, අමායා මේ සටහන තියලා තියෙන්නේ කාටද කියලම් අපි දන්නේ නෑ, හැබැයි ඇයගේ ඒ කතාවෙ ලොකු තේරුමක් තියෙනවා, මේ ගැන ඔයාට මොකද හිතෙන්නේ’

Previous Post Next Post