එමිගේ අතින් හදන කෑම එක දවසක් නැති වුනොත් දවසම ඉවරයි - අකිල ධනුද්දර




අකිල දනුද්දර කියන්නේ කලාවට ආධුනික රංගන ශිල්පියෙක් නෙවෙයි. ඔහු සිනමාව එවගේම ටෙලිනාට්‍ය ශේස්ත්‍රය එකසේ ජයගත්තු ආදරණීය කලාකරුවෙක්. එතෙක් මේ සුන්දර කලාකරුවා ගැන කතා කරද්දි ජැක්සන් ඇන්තනි සහ කුමාරී මුණසිංහ කියන්නේ අකිලගේ ආදරණිය අම්මයි තාත්තයි කියන්නත් හැමෝම දන්නවා. ජැක්සන් ඇන්තනී ගේ තත්ත්වය ගැන මේ වනවිට විවිධ මත පල වෙනවා. පසුගිය කාලෙම අකිල ඇතුළු ඇතුලු පවුලේ සියලුම දෙනා හරිම දුෂ්කර කාල සීමාවක් තමයි පහු කළේ.ඒකට හේතුව ජැක්සන් ඇන්තනි මහත්මයාගේ හදිසි අනතුර.අකිලත් තමන්ගෙ තාත්තා මේ අවස්ථාවේදී තනි කරන්නේ නැහැ. ඔහු තාත්තා ගාවටම වෙලා ඉන්න පුළුවන් හැම අවස්ථාවකදීම ඉඳලා එන්න උත්සහ දරනවා කියලත් සඳහන් කළා.

රඟපාන්න එන්න කලින් අම්මයි තාත්තයි කොච්චර කිව්වත් අකිල නම් රඟපාන්න පොඩ්ඩක්වත් කැමැති වෙලා නැහැ.ඒකට හේතුව ඔහුට ඕනේ වෙලා තියෙන්නේ ගොඩක් සල්ලි හොයන්න ව්‍යාපාරයක් කරන්න.කොහොම නමුත් අන්තිමට අකිලට රඟපාන්න එන්න සිද්ධ වෙනවා.අද වෙද්දි නම් ඒක තීරණය ගොඩක් හොඳ තීරණයක් කියලා ඔහු කියනවා. ඒ වගේම තමයි අක්කලා විවාහ වෙලා ආදරණීය දියණියකගේ පියෙක් වෙන්නත් වාසනාව ලැබුවා.ඒ වගේම ඔහු ආදරය කරලා විවාහ වුණේ එමී කියන ආදරණීය තරුණිය සමගයි.මේ පවුලට ලැදී අකිලට ගොඩක් ආදරේ කරන හොඳ භාර්යාවක්.ඒ සම්බන්ධයෙන් අකිල කිව්වේ මේ වගේ කතාවක්.

“එයාට ආදරේට කියන්නේ එමී කියලා. එයා ඇමෙන්ඩා ඇන්තනී.කාලයක් දැන හදුනා හදුනා එමි ව කසාද බැන්දා නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මාව තේරුම් අරන් ආදරෙත් එක්ක පවුල් ජීවිතේ ලස්සනට ගත කරනවා.හැමදාම උදේ පහයි තිහට මම නැගිටිද්දි එයා උයන කෑම සුවඳ දැනෙන්න ඕනේ.එයාගෙ අතින් ඔයාලා දෙන කෑම එක මට එක දවසක් නැති උනොත් දවසම ඉවරයි.ඒ නිසා අසනීපෙන් හිටියත් එයා කවදාවත් අමාරුයි කියලා නිදාගන් නෑ.ඒ සියල්ල හොයලා බලලා හැමදේම කරනවා.එයා නිසා ජීවිතේ ලස්සන වෙලා.කොහොමහරි ඉතින් ගැලපෙනවා කසාද කරගත්තා.”

ඔන්න ඔය විදියට තමයි අකිල ඔහුගේ පවුල් ජීවිතය ගැන අදහස් දක්වලා තිබුණේ.





Previous Post Next Post