කරුමය, පින කියන දෙකම නිසා ඇයට ඒ සම්මානය ලැබුණා කියලයි ඇය කියන්නේ. ඇයගේ නම කියද්දි ඇයගේ අම්මා ‘දඩාං’ ගාලා කම්මුලට පාරක් ගැහුවාලු. ඉතින් කන, කම්මුල රතු වෙද්දි ඇය හිනා වෙවී වේදිකාවට නැගලා සම්මානය අරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ ‘යමං ගෙදර, මම අද උඹව හම ගහනවා’ කියලා කියපු අම්මා මාස තුනක් විතර යනතුරු දුලීකාට විශ්වවිද්‍යාලයට එන්න දීලත් නැහැ.
ඉතින් ඒ වගේම දුලීකා මුලින්ම පුංචි තිරයට ආවේ ‘සඳ අමාවකයි’ ටෙලිනාට්‍යයේ අන්ධ සඳමාලි ගුරුවරියගේ චරිතයෙන්. ඒ නාට්‍ය වගේම ඒ චරිතයත් ගොඩක් ජනප්‍රිය වුණා. ඉතින් ඒ වගේම දුලීකාගේ ආදරණීය සැමියා කවුරුත් හඳුනන රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂකවරයෙක් වෙන සුජීව ප්‍රියාල්. හැබැයි දුලීකා නම් කියන්නෙ තාමත් දෙන්නට දෙන්නා ආදරය ප්‍රකාශ කරලා නැහැ කියලයි. ඒ වගේම සුජීවට දුලීකාව ‘සක්මන් ඡායා’ ටෙලිනාට්‍යයෙන් තමයි මුලින්ම මුණගැහුණෙ. ඉතින් ඊට පස්සේ ඔවුන් කතාබහ කරළා ගොඩක් හිතවත් වෙලා තියෙනවා. ඉතින් ඔය අතරෙදි තමයි මුලින්ම ඇය ‘අපි කසාද බඳිමුද?’ කියලා සුජීවගෙන් අහලා තියෙන්නේ. ඉතින් ඔහු කැමතියි කියලා කියපු දවසෙ කසාද බැන්දා කියලයි දුලීකා කියන්නේ.
ඒ වගේම ඔන්න දැන් දුලීකා ගායිකාවක් විදිහටත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඇගේ අලුත්ම ගීතය වන ‘සරාගී’ දැන් ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න පුළුවන්. ඒ වගේම ඇය ගීත ගායනයට හරි ආසයි කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇය රංගන ශිල්පිනියක් වෙන්න කලින් විශ්වවිද්‍යාලයෙදි ගායිකාවක්, චිත්‍ර ශිල්පිනියක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඇය ටෙලිනාට්‍යවල, සිනමාපටවල තේමා ගීත ගායනා කරලත් තියෙනවා. ඉතින් අම්මා, ආත්තම්මා, නැන්දා, පුංචිඅම්මා වගේ හැම චරිතයක්ම කළ ඇයට ඇයව පෙන්වන්න මේ ගීතය හොඳ අවස්ථාවක් වුණා කියලත් ඇය කියනවා. ඉතින් ‘සරාගී’ කියන්නෙ වෙනස්ම ගීතයක් කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.