අපේ කලා ක්ශේෂ්ත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් විදියට කාලයක සිට අපේ කලා කෙත පෝෂණය කරන ඔහු ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක. ඒ වගේම ඕනෑම චරිතයකට නවමු රසයක් ගෙන එන ගයාන් සමාජ වැඩ කටයුතු වලදී පෙරමුණ ගෙන ක්‍රියා කරන රංගන ශිල්පියෙක්.
ගයාන් වික්‍රමතිලක මේ දක්ෂ රංගන ශිල්පියා රංගනය කරන මේ දිනවල රසික ආදරය ඉහලින්ම ලැබෙන ටෙලිනාට්‍යයක් තමයි කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය. මේ ටෙලිනාට්‍යය හරහා අපිට මේ දිනවල ඔහුව දැක ගන්න පුලුවන්.ඉතින් ගයාන්ගේ කලා ජීවිතයට බොහෝ දෙනා ආදරේ කරනවා වගේම ඔහුගේ පුද්ගලික ජීවිතය ගැනත් අපේ රසික ජනතාව හොදින්ම දන්නවා. ඔහු විවාහ වෙලා සිටින්නෙත් කලාවට ආගන්තුක නොවන කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ කලා කාරිණියක් සමගයි.
ඇය එදා මෙදා තුර තම රූප සුන්දරත්වය මැනවින් පවත්වාගෙන යන සුරූපි රංගන ශිල්පිනියක්. ඉතින් චතුරිකා පීරිස් සමග සතුටින් කල් ගෙවන ගයාන්ගේ ජීවිතයට අමුතු එළියක් ආවේ ඔහුගේ ආදරණීය දියණිය ආරාධනා දෝණි ආවයින් පස්සේ. ඉතින් ආරාධනා දෝණි ගැන ගයාන් එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියටයි කියලා තිබුනේ.
” මගේ ජීවිතේ වෙනම පරිච්ඡේදයක් පෙරළුනා ආරාධනා ආව නිසා. එයාට හැම වෙලේම මාව පේන්න ඉන්න ඕන. එයා කැමති නෑ මම ශූටින් යනවට. මම ඉන්න ටෙලිඩ්‍රාමාවල සද්දෙට පවා එයා කැමති නෑ. මමයි චතුරිකයි ආරාධනා ඉන්න නිසා හැම මොහොතක්ම සතුටින් ගෙවනවා.”