කාලයක් පුංචි තිරයට නැතුවම බැරි කෙනෙක් විදියට කාගේත් ආදරය ලබා ගත්ත ඇය ආශා එදිරිසිංහ. ආශා රංගනය කල ටෙලිනාට්‍යය ගණනාවක් පුංචි තිරය ඔස්සේ අපේ ආලින්දයට ආවා. ඉතින් ඕනෑම චරිත රංගනයක් මනාව රගපාන්නට හැකි ආශා කලා ක්ශේෂ්ත්‍රයට පිවිසෙනවට ඇගේ පියානම් මුල් කාලෙදි කිසිම කැමැත්තක් දක්වලා තිබුණෙ නෑ.
ආශා එදිරිසිංහ කියන්නේ රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි දක්ෂ නිවේදිකාවක් වගේම ගායිකාවක්ද වෙනවා. ඇය චතුර ලෙස කතා කරන්නත් දස්කම් දක්වනවා වගේම පුංචි තිරයටත් නැතුවම බැරි කෙනෙක්. රංගන ශිල්පිනියක් විදියට කොයි කවුරුත් ඇය ගැන දැන සිටියාට ආශා පාසල් යන කාලේ කොයි වගේ චරිතයක්ද කියලා ඇය එක්තරා රූපවාහිනී වැඩ සටහනක දී කියලා තිබුණේ මේ විදියටයි.
” මම පොඩි කාලේ තාත්තට එක එක පළාත්වලට මාරුවීම් හම්බවෙන නිසා එක එක පාසල්වලට යන්න සිද්ද වුණා. ඒ අතරෙදි මගේ ඉගෙන ගන්න වැඩ ගොඩක් අතපසු වෙනවා. ඉතින් මම ඉස්කෝලේ යනකාලේ ඉගෙන ගන්න ගොඩක් දුර්වල කෙනෙක්. පන්තියේ අන්තිමයා දිහාට තමයි මමත් එන්නේ. අපේ අයියට හොදට ඉගෙන ගන්න පුලුවන්.
ටීචලා මට කියනවා පුතේ අයියට හොදට ඉගෙන ගන්න පුලුවන් ඇයි ඔයාට ඔහොම කියලා අහනවා. ඊට පස්සේ මම අට වසරෙ ඉන්නකොට මගේ පළවෙනි නාට්‍යය විකාශය වුණා. එතකොට මම ඉස්කෝලේ ජනප්‍රිය වුණා. මටම ලැජ්ජා හිතුනා ඉගෙන ගන්න බැරි වෙනකොට. මම උනන්දුවෙන් ටීචලාට කියලා අමාරු පාඩම් එහෙම අහගෙන කොහොමහරි අවසානෙ කැම්පසුත් ගියා.”