ප්‍රියසාද් පවුල කිව්වම අද වන විට කොයි කවුරුත් දන්න ජනප්‍රිය කලා පවුලක් බව අපි හොදින්ම දන්නා දෙයක්. දිනේෂ් ප්‍රියසාද්ගේ දියණියන් තිදෙනාම ඔහු කලාවට දායාද කලා. ඉතින් කලා ක්ශේෂ්ත්‍රය තුල කොයි කවුරුත් දන්න මේ වන විට ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිනියන් තිදෙනෙක් තමයි දිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි කියන්නේ. එකිනෙකාට වෙන් වුණු ජනප්‍රියත්වය නිසාම ප්‍රියසාද් පවුලේ හැමෝම සමාජ මාධ්‍ය හරහා වගේම ප්‍රේක්ෂකයන් අතර ඉතාම ජනප්‍රිය චරිතයන් බවට ඔවුන් පත් වෙනවා.
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ පියසාද් පවුලේ ලොකු දුවයි. ඉතින් ඇයවනම් නොදන්නා කෙනෙක් නෑ. ඒ වගේම දිනක්ෂිට ආදරය කරන ප්‍රේක්ෂකයන් බෙහෙවින්ම සිටිනවා. ඒ වගේම ඇගේ රංගන දක්ෂතාවයටත් ආකර්ෂණය වුණු ගොඩක් දෙනා ඉන්නවා. දිනක්ෂි ප්‍රියසාද් රංගනය කරපු ටෙලිනාට්‍යය ගණනාවක්ම තියෙනවා. රංගන ශිල්පිනියක් වගේම ඇය දක්ෂ නිවේදිකාවක්ද වනවා. ඇය මේ වන විට විවාහකයි. දිනක්ෂි විවාහ වෙලා ඉන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් ඒ වගේම නිවේදකයෙක් විදියට කාගේත් ආදරය ලබන සාරංග දිසාසේකර සමගිනුයි.
සාරංග හා දිනක්ෂි උතුම් දෙමව්පියන් කරමින් පුංචි සාරන්‍යා මේ විදියට ඔවුන් අතරට පැමිණීමත් එක්ක මේ සුන්දර කැදැල්ලේ සතුට තව තවත් වැඩි වුණා. ඉතින් ප්‍රියසාද් පවුලේ පළවෙනි මිනිබිරිය තමයි පුංචි සාරන්‍යා. ඊට පසුව ශේෂාද්‍රිගේ දියණිය වන ක්‍රිෂාර්යයා දෙවැනි මිණිබිරියයි. මේ විදියට ප්‍රියසාද් පවුලට අලුතින් එකතු වෙන්නෙත් කාන්තාවන් වීම විශේෂයක්. ඉතින් දිනක්ෂි උතුම් මව් පදවිය ලැබූ කාලයේ ඇගේ අත්දැකීම් ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණෙ.
” මම ප්‍රෙග්නන්ට් කියලා ප්‍රේක්ෂකයො දැන ගත්තම ගොඩක් දෙනෙක් අපිට විවේචන එල්ල කලා. ඒ වගේම බැන්නා. සාරංග මට කිව්වා මිනිස්සු දාන කමෙන්ට් බලන්න එපා කියලා. නමුත් මම ඒවා බැලුවා. ඔලුවට ගත්තෙ නෑ. මට මිනිස්සු හොද කියලා තියෙන ඒවා විතරයි බැලුවෙ. ඇත්තටම මට ඒ කාලේ සාරංග ලොකු හයියක් වුණා. ඒ වගේම එයාගෙන් ලැබුණු සපෝර්ට් එක ගැන කියලා නිම කරන්න බැරි තරම්. ඇත්තටම මට හරි ආඩම්බරයි ඒ වගේ සැමියෙක් ලැබුණු එක ගැන.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනිය දිනක්ෂි ප්‍රියසාද් තම ආදරණීය සැමියා ලබා දුන් සහයෝගය ගැන අදහස් දක්වලා තිබුණේ.