පුංචි තිරයේ විවිධාකාර චරිත හරහා ප්‍රේක්ෂකයින් හමුවට ආව ඇය වොල්ගා කල්පනී. එකිනෙකට වෙනස් වූ චරිත ගණනාවක් ඉතා සාර්ථකව රංගනය කළ වොල්ගා පාර දිගේ ටෙලිනාට්‍යයේ ටුටූ විදියට ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලබා ගත්තා. ඉතින් චරිත මැනවින් රංගනය කල වොල්ගා කල්පනී කලා ක්ශේෂ්ත්‍රයට ආවේ ලොකු ආසාවකින් කියලයි ඇය සදහන් කරන්නේ.පොඩි කාලේ ඉදලම කලා ක්ශේෂ්ත්‍රයට එන්න ලොකු ආසාවකින් හිටපු වොල්ගා මේ ක්ශේෂ්ත්‍රය තුළ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදියටත් පුංචි තිරය හරහා අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් මේ වන විට ඇගේ පෞද්ගලික ජීවිතය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ තරමටම ඇගේ විවාහය ගැන හැමෝම දන්නා දෙයක්. ඇය විවාහ වෙලා හිටියේ කලා ක්ෂේත්‍රයේම ඉතා ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන හර්ෂණ බෙත්මගේ සමගින්. නමුත් දෙදෙනාම තේරුම් අරන් දෙන්නට දෙන්නා ඈත් වෙනවා. ඉතින් ඒ නිසාම විවාහය ගැන ඉතා කල කිරීමෙන් තමයි වොල්ගා ජීවත් වෙන්නේ. ඇය විවාහය ගැන එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
” මම කියන්නේ මගේ පෞද්ගලික මතය, විවාහය කියන දේ ගැහැණු ළමයෙකුට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. දෙන්නා පොතේ අත්සන් කිරීම නෙමෙයි විවාහය කියන්නේ. විශ්වාසය, බැදීම, තේරුම් ගැනීම මේ දේවල් තමයි තියෙන්න ඕන දෙන්නට දෙන්නගේ. කෙනෙක් විවාහ වෙන්නේ තමන්ට ජීවත් වෙන්න. මගේ අත්දැකීම් එක්ක මම කියන්නේ කාන්තාවකට විවාහය අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි කියලා.”