මගේ දෙමව්පියෝ ආදරය කරන හැටි මට හොදට කියල දීලා තියෙන්නේ - අශේන් සිරිවර්ධන



වෙළද දැන්වීම් තුලින් රංගන ක්ශේෂ්ත්‍රයට ආව ඒ කවසම් නලුවා තමයි අශේන් සිරිවර්ධන. නවක රංගන ශිල්පියෙක් විදියට කාගේත් ආකර්ෂණය ලබා ගන්න ඔහු පුංචි කාලයේ ඉදලා නලුවෙක් වෙන්නයි හීන දකින්නේ. ඉතින් ඒ හීනේ ලස්සනට පාට කරගන්න අද ඔහුට අවස්ථාව ලැබිලා තියෙනවා.ඒ ආව ගමනේ අශේන් ටෙලිනාට්‍යය ගණනාවකටම සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ අතරින් ප්‍රේක්ෂකයන් වැඩිපුර ආදරය කල ටෙලිනාට්‍යය විදියට අහස් මාලිගා, දිවිතුරා, රැල්ල වෙරලට ආදරෙයි, ඇස්, ගුග්ලි, රාවණා කියන ටෙලිනාට්‍යයන්. මේ අතරින් ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වුණේ අහස් මාලිගා ටෙලිනාට්‍යයේ තේජාන් විදියට.

ඉතින් රංගනයට දක්ෂතා දක්වනවා වගේම අශේන් කරාතේ වලටත් ඉතා දක්ෂතා දක්වන කෙනෙක්. ඉතින් ඔහු මේ හරහා තරගාවලි තුලින් ජයග්‍රහණයන් පවා ලබා ගෙන තිබෙනවා. ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන අශේන්ව මේ දිනවල දැක ගන්න පුලුවන් ස්වාධීන රූපවාහිනියේ විකාශය වන දිව්‍යාදරී ටෙලිනාට්‍යය හරහා. ඉතින් තරුණ වයසේ පසුවන අශේන් ආදරය ගැන කියන්නේ මේ වගේ අදහසක්.

අපි ආදරය ගැන මුලින්ම ඉගෙන ගන්නේ දෙමාපියන්ගෙන්. ඉතින් මට මගේ දෙමව්පියෝ ඒක හරියටම කියලා දීලා තියෙන්නේ. ඒ නිසා මම ආදරය උපරිමයෙන් විදිනවා. අපි ආදරය කරන විදිය ජීවිතයට කෙනෙක් හොයාගන්න පවා මම දැන ගත්තේ මගේ දෙමව්පියන්ගෙන්.”





Previous Post Next Post