එයා බැංකු නිලධාරිණියක් මාස තුනකට පස්සෙ තමයි එයා මට හායි කිව්වේ -අශාන් ප්‍රනාන්දු




ප්‍රේක්ෂකයන්ගේ හදවත් උන්මාදයට පත් කරන නව පරපුරේ අති දක්ෂ ගායන ශිල්පියෙක් විදියට හඳුන්වන්න පුළුවන් චරිතයක් තමයි අශාන් ප්‍රනාන්දු කියන්නේ. ඔහු බොහෝ අවස්ථාවන් වලදී ගායනා කරේ විරහව මූලික කරගත් ගීත නිර්මාණ ඉතින් ගොඩක් අය අහලා තිබුනා මේ විදිහට ඔහු සින්දු කියන්නෙ ආදරෙන් පැරදිලා ද කියන දේ. නමුත් අශාන්ගේ ජීවිතය දිහා බලද්දී ඔහු හරිම සුන්දර අහිංසක ආදරයක් විඳින්න වාසනාවන්ත වෙච්චි පෙම්වතෙක්. ගොඩක් අය කියනවා ඔහු ගායනා කරන ගීත හදවතට දැනෙන්න ගායනා කරනවා කියන දේ. අශාන් සඳහන් කරන ආකාරයට ඔහු කවදාවත් කවුරුත් වෙනුවෙන් ගීත ගායනා කරලා නම් නැහැ. ඒ වගේම විරහව කියන අත්දැකීමත් ඔහුට නෑ නමුත් වේදනාව තුලින් පටන් ගන්න ජීවිතේ පුදුම විදිහට ලස්සන නිසා හැකි සෑම අවස්ථාවකදීම ප්‍රේක්ෂකයන් හිතන පතන ආකාරයට නිර්මාණ දෙන්න තමයි ඔහු උත්සාහ දරන්නේ.

පසුගිය දවසක අපි කොයි කවුරුත් දන්නවා අශාන් යුග ජීවිතයට ගියා.  ඔහුගේ සිත්ගත් ආදරණීය පෙම්වතිය වන කුමුදි සමග. ඉතින් මේ හමුවීම සිද්ධ වෙන්නේ හරිම දෛවෝපගත විදිහට. අශාන් තමයි මුලින්ම ඇය ගැන හොයන්න පටන් ගන්නේ. ඒ ගැන අශාන් මතකය අවදි කළේ මේ විදිහටයි.

“මං එයාව දකින්නේ පේස්බුක් එකෙන්. සුදු නෙළුම් මල් පොකුරක් අතේ තියාගෙන ගත්ත ඡායාරූපයක් දැක්කා. ඒත් ඒ පින්තූරය ඇය දාපු එකක් නෙවෙයි. ඒක එයාගේ යාළුවෙක් share කරපු එකක්. ඒ ෆොටෝ එක පහලට ගියාම මගේ හිතට අමුත්තක් දැනුනා.මම නැවතත් ඒක හෙව්වා පැය ගානක් හොයලා තමයි නැවත ඒ පින්තූරය හොයාගත්තේ.

එයා කුමිදි ලියනගේ බැංකු නිලධාරිණියක්. හැමදාම මං හායි කියලා දානවා ඒත් කිසිම පිළිතුරක් නැහැ. කොහොමද නංගි කියලා අහනවා ඒත් නෑ මාස තුනකට විතර පස්සේ තමයි එහා මට හායි කියලා දැම්මෙ. ඉතින් ඊට පස්සේ බොහොම අමාරුවෙන් කතාවට අල්ල ගත්තා. අපි හොඳ යාළුවෝ වුණා එයා ගොඩක් අහිංසකයි කියලා මට තේරුණා. එයත් මාව හොඳින් තේරුම් අරගෙන හිටියේ. ඒ නිසා මම එයාට ආදරය කිව්වා එකපාරටම මොකක්ද මේ උනේ වගේ එයා පුදුම වුණා. මාසෙකට විතර පස්සෙ තමයි එයා මට කැමති වුනේ”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි අශාන්ගේ මේ ආදර කතාව ලියවෙලා තියෙන්නේ.. අද වන විට ඇය සමග යුග ජීවිතයකට ගිහින් ඉතාමත් සාර්ථකව ඒ ජීවිතය ඔහු විඳිනවා. ඒ සතුට තවත් බොහෝ කාලයක් රැඳේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.






Previous Post Next Post