දිනේෂ් තරංග කියන්නේ ගායන කුසලතාවය නිසා ඉතාමත් කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙච්චි කඩවසම් ගායන ශිල්පියෙක්. ඔහු ඒ විදිහට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙද්දී තවත් බොහෝ අවස්ථාවන් වල දී දිනේෂ්ගේ පෞද්ගලික ජීවිතයත් ඒ හා සමානම ජනප්‍රිය වෙන්න පටන් ගත්තා.
ඒකට හේතු කාරණා ගොඩක් තියෙනවා ඉතිං ඉතින් අපි හිතුවා ඒ සුන්දර කතාවේ අසුන්දර තැන් කීපයක් පිළිබඳව ඔබත් එක්ක අදහස් හුවමාරු කරගන්න. දිනේෂ් පල්ලියට එනවා ඉස්සර හැමදාම.පල්ලියේ ගීතිකා කණ්ඩායමේ ඔහු බොහෝ කාලයක් ගීත ගායනා කරනවා. ඒ අතරතුරේදි තමයි ඔහුගේ ආදරණීය බිරිඳ දිනේෂ්ට මුණගැහෙන්නේ.ඉතින් සංගීත ලෝකය තුළ දිනේෂ් නොදන්න බොහෝ දේවල් ඔහුට කියා දෙන්නෙත් පල්ලියේ දී ඇය. එතකොට මේ දෙන්නම හොද යාලුවෝ විතරයි. කොහොමත් දිනේෂ්ට වඩා අවුරුදු නමයක් වැඩිමහල් කෙනෙක් තමයි ඔහුගේ බිරිඳ. ඒ කාලේ ඔවුන් දෙදෙනා අක්කා මල්ලි කියන තැන ඉඳගෙන ආශ්‍රය පවත්වාගෙන ගිහින් තියෙනවා.
නමුත් ටික කාලයක් යද්දි දෙන්නම දන්නෙ නැතුව පෙම්වතුන් බවට පත් වෙන්නේ දිනේෂ්ගේ බිරිඳගේ කලින් විවාහය අසාර්ථක වීම නිසයි. එතැන් පටන් මේ දෙන්නා ආදරණීය ආදරවන්තයින් බවට පත්වෙන්නේ බොහෝ දෙනෙක්ගේ කටකතාවක් මැද්දේ. ගොඩක් අය නොයෙකුත් දේවල් කිව්වා ඇයි දිනේෂ් මේ වගේ කෙනෙක් බැන්දේ ඇයි මේ තරම් වයස් පරතරය තියෙන කෙනෙක්ට ආදරේ කරේ කියන කටකතා ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තා. ඉතින් ඒ විදිහට ඒ සියලුම දේවල් එක සිතින් දරාගෙන දිනේෂ්ගේ සංගීත ගමනට අම්මෙක් වගේ ළඟ ඉඳගෙන උදව් උපකාර කරන ආදරණීය බිරිඳ ඔවුන්ගේ කතාව පිළිබදව රූපවාහිනිය වැඩසටහනකට සම්බන්ධ වෙලා කිව්වෙ මේ විදිහේ දෙයක්.
මම මුලින්ම අපි දෙන්නගෙ වගේ ආදර කතා මිනිස්සුන්ට අරුමයක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ ආදරය හරියට කතාබහට ලක්වෙනවා මොකද මිනිස්සු පිටිපස්සෙ ඉඳන් අපි ආපු ගමන ඒ අමාරුකම නෙමෙයි දකින්නේ. එලියට තියෙන දේ එයාලා දකින්නේ. අපි දෙන්නගෙ ඒජ් ගැප් එක අවුරුදු නමයක්. මම ඒක කියන්න කොයි වෙලාවකවත් පැකිලෙන්නේ නැහැ. එකපාරට මිනිස්සු අහන දෙයක් තමයි ඇයි ඔයා ඇන්ටි කෙනෙක් බැන්දේ කියන දේ. ඕක සාමාන්‍යයෙන් කියන දෙයක්. අවුරුදු විසි නවයයි මම දිනේෂ්ව බඳින කොට. එතකොට නම් මම ඇන්ටි කෙනෙක් නෙමෙයි. අවුරුදු ගානකට පස්සේ තමයි මාව මිනිස්සු දැක්කේ. අපි දෙන්නා කරපු සිංදුවෙන් තමයි මාව එළියට ආවේ. අපි දෙන්නා පල්ලියෙන් හම්බ උනේ. “
ඉතින් එයා ඒ විදිහට තමයි අතීතය සිහිපත් කළේ ඊට පස්සේ අවසාන වශයෙන් ඇය කිව්වා මිනිසුන්ගේ ජීවිත එක පාරට සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ ඒකට ටික කාලයක් යනවා එනිසා ඒ මිනිස්සුන්ට විවිධ චෝදනා අබූත කටකතා ගොඩ නගන්න එපා කියන දේ.