කාලයක් පුංචි තිරයේ දගකාරියක් විදියට ප්‍රේක්ෂක ආදරය දිනා ගත්ත ඇය වත්සලා දියලගොඩ. ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදියට එදා ස්වාධීන රූපවාහිනිය හරහා අපේ ආලින්දයට ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යය හරහා ආව ඇය ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත්තා.ඒ වගේම තවත් විවිධ චරිත හරහා ප්‍රේක්ෂක අපේ ආදරය දිනා ගත්ත ඒ හුරු බුහුටි වත්සලා අද වන විට පුංචි තිරය හරහා නිතරම දැක ගන්න ලැබෙන්නේ නෑ. ඒ ඇය උතුම් මාතෘත්වය ලැබුවායින් පසුව කලාවෙන් මදකට සමුගැනීමත් එක්ක. නමුත් මේ වන විට නැවත කලාවට පිවිසෙන්න අසාවෙන් බලා ගෙන ඉන්න වත්සලාට ඇගේ සැමියාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් දුව හිතෛෂී ලැබුණ මුල් කාලේ ඇගේ සැමියා ප්‍රසංගගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ ගැන ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” ඇත්තටම මට බබා ලැබුණම ප්‍රසංගගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. එයා නැත්නම් මම අද මේ තැන නෑ. ඒ තරමටම එයා ගොඩක් සපෝර්ටිව් කෙනෙක්. අනික එයා තමයි මේ ලෝකේ ඉන්න හොදම තාත්තා. මට එයාව කවදාවත් සැක හිතිලා නෑ. මට සැක කරන්න හිතෙන විදියට එයා වැඩ කරලත් නෑ. මේ අවුරුදු ගානට අදටත් මට එයාව සැක හිතිලා නෑ. එයාව ඉන්න ක්ශේෂ්ත්‍රය අනුව ඕන තරම් සැක කරන්න පුලුවන් නමුත් මම එහෙම අනවශ්‍ය ප්‍රශ්න එයාගේ ඔලුවට දාන්නෙ නෑ.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී වත්සලා දියලගොඩ ඇගේ සුන්දර පවුල් ජීවිතය හැඩ කරන සැමියා ගැන අදහස් දක්වලා තිබුණේ.