‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ කවුරුත් අතර ජනප්‍රිය කුරුළු විදියට අපි අතරට එන ඇය සුරූපි තනාශා හතරසිංහ. ඒ වගේම ඇයව අපිට මේ දිනවල තවත් ටෙලිනාට්‍යයක් හරහා වෙනස්ම චරිත රංගනයකින් දැක ගන්න පුලුවන්. ඒ ‘නොනිමි’ ටෙලිනාට්‍යයේ පාරමි විදියටයි.කලා ක්ශේෂ්ත්‍රයේ කා සමගත් සුහදශීලීව ඉන්න තනාශාට සුරූපි සහෝදරියන් ඉන්නවා. ඉතින් තනාශා ගැන පසු ගියදා වැඩි පුර කතා බහ කරන්නට වුණා. ඒ ඇගේ විවාහ මංගල්‍යත් එක්කයි. ඇය විවාහ වෙන්නේ ව්‍යාපාරික අනුරාධ සමගින්. අනුරාධව ඇයට මුණ ගැසෙන්නේ මීට අවුරුදු 5කට පමණ පෙර.
අප්‍රේල් මාසයේ ඉදලම විවාහයට සූදානම් වුණ තනාශාට අනුරාධව මුණ ගැසෙන්නේ යාලුවෙක් හරහායි. ඉතින් අනුරාධ තනාශගෙන් ඇහුවම ඇය ජනප්‍රිය රංගන ශිල්පී සුමිරාන් ගුණසේකරගෙන් අනුරාධ ගැන විමසලා බලන විට ඔහු හොද කෙනෙක් බව තේරෙන නිසා ඇය අනුරාධගේ යෝජනාවට කැමති වෙනවා. ඉතින් අනුරාධ තනාශා ගැන කිව්වේ මේ වගේ අදහසක්.
” තනාශා හොදයි වගේම උඩින් පේන ලස්සන එයාගේ ගති ගුණවලත් තියෙනවා. එයා පොළවේ පය ගහලා ඉන්න කෙනෙක්. එයා මට මැණිකක් වගේ. ඉතින් ඒකයි මම එයාට මැණික කියන්නේ. ආදරේදී එයා මාව කිසි විටෙක අවිශ්වාස කලේ නෑ. බාර ගත්ත වැඩේ උපරිමයෙන් කරන හිත හොද කෙනෙක් එයා. දැන් මට හරි සතුටුයි. මට මැණිකකට වඩා අගනා වස්තුවක් ලැබිලා තියෙන්නේ. එයාව මම පණ වගේ බලාගන්නවා.”
මේ විදියටයි තනාශාගේ අත ගත්ත කඩවසම් අනුරාධ අදහස් දක්වලා තිබුණේ