කලා ලෝකයට පෑයූ දීප්තිමත්ම තාරකාවන් අතර බොහෝ දෙනෙක්ගේ හදවත සොරාගත් අති දක්ෂ රංගන ශිල්පිනියක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නේ. රංගන ශිල්පිනියක් වගේම අති දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් මේ සුන්දර චරිතය පුංචි තිරය තුලින් නිරන්තරයෙන් ම අපට දැක බලා ගන්නා අවස්ථාව උදාවුණා. පසුගිය කාල සීමාවේදී ආදරණීය පුතෙකුගේ උතුම් මවක් වීම නිසා ඇය ටිකක් කාර්ය බහුල ජීවිතයක් තමයි ගත කළේ.
තාරුකාගේ පුංචි පුතාට මේ වෙද්දි අවුරුදු දෙකක් කලා කටයුතුවලින් ඇය ටිකක් ඈත් වෙලා වැඩිපුර පුතත් එක්ක කාලය ගත කරනවා කියලා සඳහන් කළා. තාරුකා කියන්නේ හැමදාම ලස්සනට අඳින්න ලස්සනට ඉන්න කැමති කෙනෙක්. එනිසාම ඇය හැමදාම මවක් බිරිඳක් විදියට තමන්ට ගැළපෙන විලාසිතා පිළිබඳව තෝරගන්නත් අමතක කරන්නේ නැහැ.
ඇය සඳහන් කරන්න ෆැෂන් කියන්නේ එකිනෙකට වෙනස් දෙයක් කියලයි ඒක ගැලපෙන විදිහට තෝරගන්න එක ඉතාමත් වැදගත් කියලත් සඳහන් කරනවා. ඒ වගේම පවුලේ කිසි කෙනෙක් හිතක් රිදෙන් නැතිවෙන්න ඒ දේවල් කරන්න ඕනේ කියන මත එක තමයි තාරුකා ඉන්නේ.
තැනකට යනවා නම් තැනකට සහභාගි වන පුද්ගලයන්ගේ විදිහ අනුව සහ ඇය ඇග,ඇගේ පාට,සමේ පාට ආදී දේවල් අනුව තෝරගන්න විලාසිතාව තීරණය කරනවා කියලා තාරුකා සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි ඇය හරිම ආසයි ඉන්දියානු සම්ප්‍රදායේ විලාසිතාවලට. ඒ විලාසිතා වලට ඇයව ගොඩක් ලස්සනට පේනවා කියලා සඳහන් කරනවා.
ඒ වගේම තමයි විලාසිතා කියන්නේ නිතරම අලුත් වෙන විෂයක් නිසා ඇය හොලිවුඩ් බොලිවුඩ් වගේම බටහිර පන්නයේ නිතර වෙනස්වන විලාසිතා ගැනත් සැලකිලිමත් වෙනවා කියලා සඳහන් කරනවා. හෑන්ඩ් බෑග් එකේ ඉදන්පළඳින ආභරණ ආදී දේවල් ගැනත් ඇය සැලකිල්ලක් දක්වනවා. ඉතින් ඒ විලාසිතා පිළිබඳව වැඩිදුරටත් තාරුකා කිව්වේ මේ වගේ දෙයක්.
“මහත්තයා නං ගොඩක් වෙලාවට මට බ්‍රෑන්ඩඩ් ඇඳුම් ගෙනත් දෙනවා ඒත් මට ගැළපෙනවා නම් ලොකු මුදලක් වියදම් නොවුණත් මම එවැනි විලාසිතාවක් කැමැත්තෙන් තෝරා ගන්නවා. මහත්තයාගෙන් අහල තමයි අදටත් මම මට ගැළපෙන බොහෝ විලාසිතා තෝරා ගන්නේ. පූංචිපුතා දැන් දැන් මම ලස්සනට අඳිනවට ආසයි“