මම ජීවිතේ සතුටින්ම හිටියේ දුව කුසේ තියාගෙන හිටපු මාස නවය - දිනක්ෂි ප්‍රියසාද්

 


ප්‍රියසාද් පවුල ගැන අපේ රටේ ගොඩක් දෙනා දන්නවා. ඉතින් ප්‍රියසාද් පවුලේ දියණියන් තිදෙනා තමයි දිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි කියන්නේ. ඉතින් මේ තුන් දෙනාම කලාවට සම්බන්ධ වගේම කලාව තුළ ජනප්‍රියම රංගන ශිල්පිනියන්. නිවේදනය, රංගනය කියන මේ හැම අංශයකම දක්ෂතා පෙන්වන කලා ශිල්පිනියන් තමයි ඔවුන්.ඉතින් ප්‍රියසාද් පවුලේ ලොකු දුව තමයි දිනක්ෂි කියන්නේ. විවිධ චරිත හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්ත දිනක්ෂි විවාහ වෙලා ඉන්නේ කලා ක්ශේෂ්ත්‍රයේ කැපී පෙනෙන් චරිතයක් වන සාරංග දිසාසේකර සමගින්. ඔහු සති අග හිරු නාලිකාවේ විකාශය වන ‘හිරු ස්ටාර්’ වැඩ සටහන ඉතා දක්ෂ ලෙස නිවේදනය කරනවා.


සාරංග සහ දිනක්ෂි මේ වන විට උතුම් මව් පිය පදවිය ලබලා. ඔවුන්ගේ සුන්දර කැදැල්ලට එකතු වුණු අමුත්තිය තමයි සාරන්‍යා. ඉපදෙන්න කලින්ම සාරංග කැමතිවෙලා හිටියේ දුවෙක්ටමයි. නම පවා දරුවා ඉපදෙන්න කලින්ම දාලා තිබුණේ සාරංග විසින්. ඉතින් පුංචි දූ ලැබෙන්න ඉන්නකොට දිනක්ෂි ලබපු අත්දැකීම් ගැන මේ විදියටයි ඇය අදහස් දක්වලා තිබුණේ.


” මම සතුටින්ම ජීවිතේ ගෙව්වේ දුව කුසේ තියාගෙන හිටපු කාලේ. ඒ කාලේ හැමෝගෙන්ම මට ආදරය සෙනෙහස ලැබුණා. මුල් මාස තුනනම් අමාරු වුණා. වතුර බොන්න බැරිව සේලයින් පවා දුන්නා. ඒ කාලේ මාව සතුටින් තියන්න අපේ ගෙදර කට්ටිය සහ සාරංග ලොකු වෙහෙසක් දැරුවා. මම කතෝලික වුනාට මම බබා ලැබෙන්න ඉද්දී පිරිත් ඇහුවා.”





Previous Post Next Post