ඩිවෝස් වුණා කියලා මම එයාගේ ලයිෆ් එකට හානියක් කරන් නෑ - ගයත්‍රි ඩයස්

 


ගයත්‍රි ඩයස් කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු කවුරුත් ආදරේ කරන ශිල්පිනියක්.ගයත්‍රි විවාහ වෙලා හිටියේ කඩවසම් නළු චන්න පෙරේරා සමඟිනු යි.  ඔවුන් දෙදෙනාට දියණියන් දෙන්නෙකුත් ඉන්නවා.නීතියෙන් වෙන්වුණා වුණත් දරුවන්ගේ වැඩකටයුතුවලදී මේ දෙන්නව දැකබලාගන්න පුළුවන්. ඒ ගැන ගයත්‍රි පුවත් අඩවියට මෙසේ කියා තිබුණා.


ඩිවෝස් වුණාට පවුලක් විදිහට ගයත්‍රි සහ චන්න ඉන්නවා නේද ?


චන්න අයියයි මායි ඉතින් අපේ දරුවන්ගේ වැඩ කටයුතුවලදී එකට ඉන්නවා. අපේ දරුවෝ කවදහරි කසාද බැඳලා යනකන් අපි ඒ ගොල්ලන්ගේ දෙමව්පියන් හැටියට අපි හැමදේටම ඉන්න ඕනි. අපි දෙන්නා එක ගෙදරක හිටියේ. මම ඇවිත් අවුරුද්දයි. මම එක ගෙදරක රෙන්ට් එකකට ගියා, එයා එක ගෙදරකට ගියා. එයාගේ ලයිෆ් එකට මම කිසිම වෙලාවක හානියක් කරන් නෑ. මටත් එහෙම නෑ. අපේ ලයිෆ් හරි බිසීනේ. ඒ නිසා ප්‍රශ්න ඇතිකරගන්න කාලයක් නෑ. දරුවෝ ඉන්නවා කියන දෙමව්පියෝ හොඳට හිතන්න ඕනි.







Previous Post Next Post