මේලි - නෝරි සහෝදර බැඳිම ගැන කියන නෙහාරා

 


මේනක - නෙහාරා සොඳුරු කැදැල්ලට ආ අලුත් අමුත්තිය තමයි නෝරි.  දැන් මේ පුංචි කුමාරිකාවන් දෙන්නත් එක්ක ඔවුන්ගේ කැදැල්ල ආදරෙන් පිරිලා. අලුත් අමුත්තියට එයා ඉපදෙනකොටම ලස්සන නමකුත් තියලා තිබුණනෙ. ඉතින් ඒ ගැනත් , මෙයිලි - නෝරි සහෝදර කතාව ගැනත් නෙහාරා මේ විදියට සති අන්ත පුවත්පතකට අදහස් දක්වලා තිබුණා....


බබාගේ නම ගැන අහලා තිබුණු ප්‍රශ්නයට ඇය මෙහෙම උත්තර දීලා තිබුණා....

"බබා ඉපදෙන්නත් කලින් දුවෙක් වුණත් පුතෙක් වුණත් නමක් යොදන්න අකුරක් අපි හිතාගෙන හිටියෙ. පළවෙනි බබාව "ම" අකුරෙන් නම යොදන්න තීරණය කළේ මේනක කියන නමත් එක්ක. ඉතින් දෙවැනි බබාට මගේ නම නෙහාරා කියන නමත් එක්ක "න" යොදන්න සූදානම් කරලා තිබුණේ. මම නම් ලිස්ට් එකක් පවා සකස් කරගෙන හිටියෙ. ඉතින් "න" අකුරත් එක්ක අපි දෙන්නගෙම කැමත්තට අපි නමක් යොදාගත්තා. ලැබුණෙ දුවෙක් නිසා "නෝරි" කියන නම තමයි යෙදුවේ. නෝරි මාරියා රාජපක්ෂ තමයි බබාගේ සම්පූර්ණ නම වුණේ..."


මෙයිලි - නෝරිගේ සහෝදර බැඳීම ගැනත් නෙහාරා මේ විදියට අදහස් දක්වලා තිබුණා....

"බබා ලැබුණ දවසේ අපේ අම්මලා තාත්තලා ඒ හැම දෙනාම එක්ක මේලිත් රෝහලට ආවා. ඉතින් එදා හැමදෙනාගෙම අවධානය තිබුණෙත් මේලිගේ ප්‍රතිචාරය කොහොමද කියන දේ තමයි.ඇත්තටම කියන්න සතුටුයි මේලි නංගිව දකිද්දි හරිම සතුටින් හිටියෙ. කිසිම ඊර්ෂ්‍යාවක්වත් මොනවත්ම දකින්න තිබුණෙ නැහැ. මම ඒ මොහොතෙ වේදනාවෙන් හිටියත් මේලිගේ ප්‍රතිචාරය දැක්කම හරිම සතුටු හිතුණා.

ඒ සතුට දරාගන්න බැරිව ඇස්වලට කඳුළු ආවා. ඒ තරම් හැඟීම්බර අවස්ථාවක් වුණා ඒ මොහොත.දැන් වුණත් නංගිව ආදරෙන් බලාගන්නවා. අඬද්දි නලවනවා. අම්මා කෙනෙක් වගේ තමයි ළඟට ගිහින් කතාබහ කරන්නේ... නංගිව බලාගන්නේ. ඇත්තටම හරි ආසයි ඒ සහෝදරත්වය දකිද්දි. ඒවා දැකලා මේනක කියපු දෙයක් තමයි අපි දෙන්නා හරිම වාසනාවන්තයි මේ වගේ කෙල්ලෝ දෙන්නෙක් ලැබෙන්න කියලා..."





Previous Post Next Post