පුෂ්පිකාගේ ආදරණීය පුතු උපන්දිනය සැමරූ හැටි



ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වවාගේ ආදරණීය පුතු පසුගිය දින සිය උපන්දිනය සැමරුවා.  උපන්දිනය වෙනුවෙන් ඉතාමත් උතුම් කටයුත්තකද නියැලි තිබුනා.මේ පුතුගේ උපන්දින සාදය පැවැත්වුණු අයුරුයි.


"මගේ ආදරණීය පුතුයි,


මගේ හිත කියන්නේම ඔබ මේ ලෝකයට ඇවිත් තාම සතියක් දෙකක් පමණක් බවයි.  ඔබ උපන් මොහොත මගේ මතකයේ තවමත් ඒ තරම් අලුත් ය. එහෙත් දැන් ඔබ දුව පැන ඇවිදින හොඳ නරක වැටහෙන කීකරු හුරතල් ආදරණීය දරුවෙක් වී සිටී. ඉතින් කාලය කොතරම් ඉක්මනට ගෙවෙනවා ද.? ඔබ දෙස බලන හැම විටම මම මගෙන්ම අසන්නේ එයයි.


මගේ රත්තරන් පුතේ, ගුණයෙන් නුවණින් දැනුමෙන් පොහොසත් දරුවකු වී දවසින් දවස නිදුක් නිරෝගී ව හොඳින් වැඩෙන්න

රටට දැයට ආගමට බරක් නැති ණයක් නැති හොඳ පුරවැසියකු මෙන්න!

ජීවිත්තේ ඇවිද යන හැම පියවරක දී ම මම ඔබ මගේ දෑස මෙන් සුරකිමි. මගේ හුස්ම මෙන් රකිමි. මගේ ජීවිතයේ එකම සතුට, එකම අපේක්‍ෂාව, එකම බලාපොරොත්තුව, එකම ප්‍රාර්ථනාව ඔබ ය.


ආදරණීය අම්මා.





Previous Post Next Post