දුවෙක් කියන්නේ තාත්තා කෙනෙක්ට ලෝකයක් කියනවානේ. දවසක දුව තමගේ හීන හොයාගෙන ගියත් තාත්තා කෙනෙක්ට දුවෙක් නැතිව ඉන්න බැහැ කියලා කතාවක් තියෙනවා. මේරියන්ස් කණ්ඩායමේ නායක නලින් පෙටත් එහෙමයි. නලින් පෙරේරාගේ දියණිය ස්වේතා මෑතකදී විවාහ වෙලා තමන්ගේ සැමියා සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් බලා පිටත් වුණා. ශ්වේතා දැන් ජීවත් වෙන්නේ මෙල්බන් නුවර.
ප්‍රසංගයක් සඳහා පසුගියදා නලින් පෙරේරා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට ගිහින් තිබුණා. එහිදී ඔහුව පිළිගන්න ඇවිත් තිබුනේ ශ්වේතා සහ ඇගේ සැමියා රනිත්. නලින් එහිදී ගත් ඡායාරූපයක් තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පල කර තිබුනා.