මට ඕන හොද පවුල් ජීවිතයක් ගත කරන්න - දිනේෂ් ගමගේ




මේ දවස් වල සංගීත ක්ශේෂ්ත්‍රයට පායපු තරුවක් විදියට දිනේෂ් ගමගේව හදුන්වන්න පුලුවන්. ගායනක්ශේෂ්ත්‍රය තුළ මේ දිනවල ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක් තමයි දිනේෂ් ගමගෙ කියන්නේ.ජනප්‍රියම ගීත ගණනාවක් ගායන කල දිනේෂ්ගේ ගීත අතර වැඩි පුරම ප්‍රේක්ෂක අපේ ආකර්ෂණය දිනා ගත්ත ගීත විදියට නෑසුනා, සෙන්කඩගල නුවරට, වෙරලු මල්, දැනෙනා තුරු මා, ළග ළගටම වැනි ගීත මේ දිනවල අතිශය ජනප්‍රිය ගීතයන්.


අද වන විට රටම දන්න මේ ආදරණීය ගායකයා ගායකයෙක් වෙන්න හේතු වුණේ පන්තියේ හිටපු ගෑණු ළමයෙක් යාලු කරගන්නයි. ඒක හේතුවක් කරගෙන සංගීතය ඉගෙන ගත්ත දිනේෂ් ගැන පසු ගිය දා අපිට අසන්නට ලැබුණේ සුබම සුබ ආරංචියක්. ඒ ප්‍රියසාද් පවුල කිව්වම අපි කොයි කවුරුත් නොදන්න කෙනෙක් නෑ. ඉතින් ප්‍රියසාද් පවුලේ චූටි දුව ශනුද්‍රි ප්‍රියසාද් සමගින් ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා. මේ විදියට ආරංචියක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වුණා. ඒ අනුව දිනේෂ් ගමගේ මේ වන විට රටේ ජනප්‍රියම තලයේ ගායකයෙක් වෙලා හමාරයි.


ඔහුගේ කුඩා කාලය ගැන මේ විදියට අදහස් දක්වලා තිබුණා.

' මට අවුරුදු 4ක් වගේ වෙනකොට අපේ අම්මා රට ගියා. මට එච්චර තේරීමක් නෑ. අම්මා ටවුන් එකට ගිහින් එන්නම් කියලා තමයි යන්නේ. ඒ වුනාට අම්මා අඩනවා. මට දැන් තමයි තේරෙන්නේ ඒ අම්මා අඩන්නේ මාව දාලා රට යන නිසා. ඒ කාලේ මට තේරෙන්නැති නිසා මම අඩලා ඊට පස්සේ ඉවරයි ඒ හැමදේම. මම තාත්තා එක්ක තමයි හැදී වැඩුනේ. මට අම්මගේ ආදරය අහිමි වුන නිසා මම පොඩි කාලේ ඉදලම රිලේෂන්ශිප් පටන් ගන්නවා.

මම පොඩි කාලේ අම්මා රට යනවා ගිහින් ආයේ එනවා. ඉතින් අම්මා කතා කලාම මම එයා ළගට යන්නෙ නෑ. මම ටිකක් ලොකු වෙනකම්ම හිතන් හිටියේ අම්මා අපේ ගෙවල් ළග ඇන්ටි කියලා. එයා තමයි මාව පොඩි කාලේ බලා ගත්තේ. මම අඩු වයසින් රිලේෂන්ශිප් පටන් ගන්න කැමතියි. අනිත් කොල්ලො බදින්න කැමති නෑනේ. ඒත් මම හරිම කැමතියි බදින්න. මම කැමතියි පවුලකට. මට ඕන හොද පවුල් ජීවිතයක් ගත කරන්න. 





Previous Post Next Post