එයාලා තව කෙනෙක්ගෙ හිත රිද්දන්න හරිම ආසයි - පූජනී භාග්‍යා

 



පූජනී භාග්‍යා කියන්නෙ කෙටි කාලයකින් ප්‍රේක්ෂක හදවත් ලැඟුම් ගත්ත කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්. පූජනී සහ ගයාන් ගුණවර්ධන අතරේ යම් හෝ සම්බන්ධයක් තියෙනවා කියනවා කතාවත් දැන් කාටවත් රහසක් නෙවෙයි.  හැබැයි මේ දෙන්නම ඒ ගැන ප්‍රසිද්ධියේ සඳහනක් කරලා නැහැ. ප්‍රසිද්ධ මාධ්‍යයට නම් ගයාන් කියලා තිබුණේ "හිතුණොත් පූජනීව බඳිනවා" කියලයි.මේ කතාව ඒ ගැන නෙවෙයි.පූජනී පසුගිය දවසක බුකියේ පළ කර තිබූ සටහනක් තමා මේ...


මිනිස්සු කුහකයිද? 

ඔව් සමහර වෙලාවට එයාලා ගොඩක් කුහකයි

- ඇයි ඒ කුහක?

හරියටම දන්නෙ නෑ. හැබැයි එයාලා තව කෙනෙක්ගෙ හිත රිද්දන්න හරිම ආසයි

- තව කෙනෙක්ගෙ හිත රිද්දුවම එයාලට මොනවද ලැබෙන්නෙ?

ඒකත් හරියටම දන්නෙ නෑ. සමහරවිට එයාලගේ මානසික සුවය වෙන්න පුලුවන්, එහෙම නැත්තම් එයාලට අයිති කරගන්න බැරි දෙයක් තියෙනවා වෙන්නත් පුලුවන්, එහෙමත් නැත්තම් පහුගිය කර්ම ගෙවන ගමන් ඉදිරියට කර්ම රැස් කරනවා වෙන්නත් පුලුවන්

- ඉතින් ඔයාගෙ හිත රිද්දන්න එයාලට පුලුවන් වුණාද?

අනේ මන්දා ඉතින් සමහර තැන්වලදි

- හිත රිදුනම ඔයාට මොනවද හිතුණෙ? 

ම්ම් ඒකට උත්තරේ නම් මම හරියටම දන්නවා. එයාලා නිසාම මං පුදුමාකාර විදියට ශක්තිමත් වුණා. දැන් මට මටම කියලා Traget එකක් තියෙනවා. එතනට යනකන්ම අවංකව උත්සාහයෙන් කැපවෙනවා කියලා මම මටම පොරොන්දු වුණා

- පූජි -






Previous Post Next Post