කැලුම් ශ්‍රි ආදරණීය පුතුගේ දෙවැනි උපන්දිනය සැමරූ හැටි


 

පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම වැළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ හරහා මෙන්ම අහිංසක පෙම්වතාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් තමයි කැලුම් ශ්‍රී කියලා කියන්නේ. ඉතින් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍ය හරහා කාගේත් ආදරය දිනූ ඔහු ඊට පස්සේ ටෙලිනාට්‍ය ගණනාවක වගේම මියුසික් වීඩියෝ රැසකටම රංගනයෙන් දායකත්වය ලබාදුන්නා. ඒ වගේම පහුගිය කාලයේ සිරස නාලිකාවේ විකාශනය වුනු රැස් ටෙලිනාට්‍ය හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත්ත මේ කඩවසම් රංගන ශිල්පියා මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය හරහා වගේම ඇස් ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එනවා.

කොහොම නමුත් රංගනය වගේම සාර්ථක පවුල් ජීවිතයකුත් ගත කරන ඔහුගේ අතිනත ගත්තේ කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී නර්තන ශිල්පිනියක් වන දුලී ප්‍රනාන්දුයි. ඉතින් දැන් විවාහ වෙලා කාටත් ආදර්ශයක් ලබාදෙමින් ආදරණීය සුන්දර පවුල් ජීවිතයක් ගත කරන මේ දෙන්නා මේ වන විට උතුම් මව් පිය පදවිය ලබලා සතුටින් කාලය ගත කරන බව කාටත් රහසක් නම් නෙවෙයි. කොහොම නමුත් මේ පුංචි පුත් කුමාරයා මෙලොව එලිය දැකලා දැන් අවුරුදු 2කුත් ගත වෙලා. ඉතින් මේ ආදරණීය යුවලගේ හුරතල් චූටි පුතු පැටියාගේ දෙවෙනි උපන්දිනය වෙනුවෙන් බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඒ වගේම මේ ආදරණීය දවස අමතක නොවන දවසක් කරගන්න මේ ආදරණීය පුංචි පවුල ලස්සන ෆොටෝශූට් එකක් කරලා තියනවත් අපට දැකගන්න ලැබුණා.





Previous Post Next Post