දකුණු ඉන්දිය සුපිරි නිළි සමන්තාව හදිසියේම රෝහල් ගත කලේ ඇයි?

 


මුහුනේ සහ ශරීරයේ මාංශ පේශි දුර්වල වීම හේතුවෙන් දකුණු ඉන්දිය සුපිරි නිළි සමන්තා, ඇගේ රූගත කිරීම් තාවකාලිකව නතර කර ඇති බවට ඉන්දීය මාධ්‍යය තොරතුරු වාර්තා කරනවා. ඇගේ රූපය නිසියාකාරව සකසා ගැනීම වෙනුවෙන් මිට පෙර සමන්තා ප්ලාස්ටික් සැත්කම් කිහිපයක් සිදු කරගෙන තිබූ අතර මෙම එක් සැත්කමක් හේතුවෙන් ඇගේ මුහුණ ඉදිමී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නෙ.ප්‍රතිකාර කිරීමේදී ඇති වූ සංකූලතාවයත් නිසා මෙසේ සිදුව ඇති බව සඳහන්.


කෙසේ හෝ වේවා, සමන්තා ගැන මැතක කතාබහක් ඇති වුණේ ඇගේ හදිසි දික්කසාද වීම නිසයි.  තෙළිගු සිනමාවේ සුපිරි නළුවෙකු හා විවාහ වී සිටි සමන්තා ඔහුගෙන් වෙන් වන්නේ “තමන්ට චිත්‍රපට ජීවිතයේ සීමා පැනවීම් වැඩි” බව කියමින් ය. දික්කසාද වීමෙන් අනතුරුව සීමා තැකීමක් නොකළ ඇය මුලින්ම කළේ "සමලිංගික” චිත්‍රපටයක් සඳහා ගිවිසුම් ගත වීමයි. එසේම ඇය වෙනදටත් වඩා සරාගී වෙළඳ දැන්වීම් එහෙමත් කරන්න අරන්. ඒ නිසයි ඇයට ගොඩක් දෙනෙක් කියන්න ගත්තේ, “දික්කසාද වුණාම සමන්තා හැඩ වෙලා” කියලා.





Previous Post Next Post