පියුමි ශ්‍රීනායක. දුටුවන්ගේ නෙත් වශී කරවන හරිම ලස්සන සොඳුරු යුවතියක් . මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කීපයකටම රංගන දායකත්වය දෙන ඇය, තවත් අලුත් ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා විදේශගත වීමටත් නියමිතයි. හැමදාමත් ලස්සනට ඉන්න පියුමිගෙන් අපි ඇය කරන ලස්සනම ලස්සන විලාසිතා ගැන" ෆැෂන්” පිටුවෙන් අහන්න හිතුවා.
ඔබ කරන විලාසිතා නිරතුරුවම අන් අයගේ ආකර්ෂණයට භාජනය වෙනවා එයට විශේෂ හේතුවක් තියෙනවාද?
විශේෂම හේතුව තමයි මම හරිම ලස්සනට පිළිවෙලට අඳින්න කැමති කෙනෙක් වීම....ඒ ආසාව නිසාම ලෝකය මම ආසම ජනප්‍රිය රංගන ශිල්පිනියන්ගේ විලාසිතා ගැන අවධානයෙන් ඉන්නවා වගේත්ම ඒවා ඒ විදියටම මට ගැළපෙන විදිහට අනුකරණය කරනවා .
කාගේ විලාසිතාවලට ද ඔබ වැඩියෙන්ම කැමති?
මම හරිම ආසයි ජනප්‍රිය නිළි දීපිකා පදුකෝන්ගේ ගේ විලාසිතාවලට. සමහර වෙලාවට විශේෂ උත්සව වලට සහභාගි වීමේදී ඇය අදින විලාසිතා ඒ විදිහටම කරන්න මං උත්සහ කරනවා .ඊට අමතරව අලියා බාත්, ජාන් බි කපූර්, ප්‍රියංකා චොප්රා වැනි නිළියන්ගේ විලාසිතා වලටත් මම ගොඩක් කැමතියි .
ඔබට දැනෙන විදියට ඔබට වඩාත්ම ගැළපෙන විලාසිතා කුමක්ද ?
මම හරිම ආසයි ඉන්දියානු සම්ප්රදාය විලාසිතාවන්ට. මුහුණේ හැඩයයි, ඇගේ පැහැයයි නිසා ඉන්දියානු සම්ප්රදායේ විලාසිතා කරන හැම වෙලාවකම බොහෝ දෙනෙක් මට කියන්නේ "හින්දි නිළියක්” වගේ කියලා .
විලාසිතා කිරීමේ දී වැඩිපුරම කැමති පාට.?
දුඹුරු පාට නැතුව ලෝකයේ තියෙන ඕනෑම පාටකට මම හරිම කැමතියි ඒ හැම පාටක් ම මගේ ශරීරයට ගොඩක් ගැලපෙනවා . ඒ නිසා මම විලාසිතාවක් කිරීමේදී තද පාට ,ලා පාට කියලා කවදාවත් වර්ගීකරණය කරන්නේ නැහැ .....හැම පාටකම විලාසිතා ඇගට හුරුයි කියලයි මම හිතන්නේ .
ඔබටම ආවෙනික විලාසිතාවන් කිරීමේ දී යම් කෙනෙකුගේ සහාය ලබා ගන්නවාද ?
මගේ බොහෝමයක් ඇඳුම් නිර්මාණ කරන්නේ කොස්ටියුම් ඩිසයිනර් රුවන් චාමර මල්ලි .ඔහුට නිර්මාණය කරන එක ඇඳුමක් මම අදිනේ එක පාරයි. එනිසා අලුත් අලුත් නිර්මාණ බොහොමයක් ඔහු අතින් මා වෙනුවෙන් නිර්මාණය කෙරෙනවා.
ඔබ කරන විලාසිතාවන්ට ගැලපීම සිද්ධ කරන්නේ කොහොමද?
ගැලපීම ගැන නම් මම ගොඩාක් හිතන කෙනෙක්. අපි කරන විලාසිතාවට වටිනාකමක් ලබා දෙන්න පලඳින අත් බෑග්, සපත්තු,ජුවලරි වගේම හිස පීරන විදිහ,මේක්අප් කරන විදිහ ,නියපොතු පිලිවෙලට තියා ගන්න එක පවා බලපානව. කොච්චර ලස්සනට ගැලපිම කරනවාද කියනවා නම් ගෙදරට ඉන්නේත් ගැලපෙන විදිහට ලස්සනට ඇඳගෙන
ඔබ ආභරණ පලඳින්න කැමති කෙනෙක් ද ?
මම හරිම කැමතියි කරාබු වලට. බොහෝ වෙලාවට ලොකු ලොකු කරාබු පැලැදිමෙන් කරන විලාසිතාවට වටිනාකමක් එක් කරන්න උත්සාහ කරනවා.
පොදුවේ විලාසිතාවක් කිරීමේදී මොන වගේ කරුණු කෙරෙහිද සැලකිලිමත් වන්නේ ?
අංක එක්ක අපේ රට, අපේ සංස්කෘතිය කියන ඒ වටිනා දේවල් ගැන හිතලා තමයි ඕනෑම විලාසිතාවක් තෝරා ගන්නේ ....ඊට අමතරව සහභාගී වන තැන සහ වේලාවන් අනුව විලාසිතා වල් තෝරා ගැනීම සිදු කරනවා
ලොකු මුදලක් දීලා විලාසිතා කරන්න ඕනේ කියලා හිතෙනවද ?
නැහැ. හැම වෙලාවකම අඩු මුදලකින් වැඩි පෙනුමක් ලබාදෙන විලාසිතා තමයි මම තෝරා ගන්නේ. බ්‍රැන්ඩඩ් ඇඳුම් අඳින වෙලාවලුත් තියෙනවා. නමුත් ගණන් වැඩිම ඇඳුම් අඳින්න ඕනේ කියන මානසික මට්ටමක් නම් මට කවදාවත් නැහැ ...
ගැලපෙන විදිහට විලාසිතාවක් කරහම හිතට මොන වගේ සතුටක් ද දැනෙන්නේ?
හරිම සතුටක් හිතට දැනෙනවා ඒ වගේම යන වැඩේට්ටත් සතුටින් සහභාගි වෙන්න පුළුවන්
ජීවිතේ ලස්සනටම සැරසුණු දවස?
මම හිතන්නේ මම හැමදාමත් ලස්සනටම විලාසිතා කරන කෙනෙක්. කොටින්ම කියනවා නම් ගෙදර ඉන්නේත් ගැලපෙන විදිහට ඇදලා හරිම ලස්සනට. ගැළපෙන විදිහට විලාසිතාවක් කලහම මට මං ගැනම ආත්ම විශ්වාසයක් දැනෙනවා වගේම මා දකින අයටත් මාව දැකීමෙන් සතුටක් උපදවන විදිහට තමයි මම නිතරම විලාසිතා කරන්නේ ඒ නිසා මට එක දිනයකදී ලස්සනට සැරසුනා කියලා නම් කියන්න බැහැ.
ඔබ කරන විලාසිතා අන් අය අගය කරන්නේ කොහොමද ?
මම කරන සෑම විලාසිතාවක්ම වාගේ අන් අයගේ ආකර්ෂණයට ලක් වෙනවා .සමහර වෙලාවට කරන විලාසිතාව අනුව "චාම් "කියනවා. සමහර වෙලාවට හොට් පෙනුමක් තියෙනවා කියනවා. ඒ කොයි අගය කිරීමත් මම ගොඩක් සතුටින් බාරගන්නවා .
ඔබ කරන විලාසිතා අන් අය අනුකරණය කරනවද ?
අපොයි ඔව් කරන සැම විලාසිතාවක්ම වගේ බොහෝ යුවතින්ගේ නිරතුරුවම ආකර්ෂණයට බාජනය වෙනවා . ෆොටෝ ෂූට් එකක් කරලා දැම්මොත් ” පියුමි” ඇඳපු ඇඳුම කියලා එ ඇඳුම් වලට විශාල ඉල්ලුමක් නිරතුරුවම ලැබෙනවා.
සමහර වෙලාවට එෆ්බී එකේ වගේම මඟ තොටදී හමු වෙන අයත් "පියුමි” ඔයාගෙ විලාසිතා කරන්නේ කවුද ?
විලාසිතා ගන්නේ කොහෙන්ද කියන එක නිරතුරු අහනවා . සමහර අය "ඔබ කරන විලාසිතා අපිත් අනුකරණය කරනවා "කියන වචනෙ කියනවා.
පුංචි කාලෙදි විලාසිතා කරපු විදිය කොයි විදිහට ද මතකයේ තියෙන්නෙ ?
එය හරිම සුන්දර මතකයක් ....පුංචි කාලේ ඉඳලම මම හරිම ආසයි විලාසිතා කරන්න උස අඩි සපත්තු දාලා සාරි ඇඳලා ලිප්ස්ටික් ගාලා කොණ්ඩ මෝස්තර දාගෙන කන්නාඩිය ඉස්සරහට වෙලා හැඩ
බලනවාලු.තමන් මතකයක් තමයි පුංචි කාලේ ඉඳලම ලොකු අය කරන විලාසිතා අඳින්න මම කැමැත්තෙන් ඉඳලා තියෙනවා.
විලාසිතාවක් කියන්නේ මොකක් විදිහටද ඔබට දැනෙන්නේ ?
මම හිතන්නේ විලාසිතාවක් කියන්නේ කාලේ තාලෙට වෙනස් වෙනවා වගේම කෙනාගෙන් කෙනාටත් වෙනස් වෙන දෙයක්. කොටින්ම කියනවා නම් විලාසිතාවක් කියන්නෙ මැජික් එකක් වගේ. අපි නිවැරදිව විලාසිතා කරන්න පෙළඹුණේත්, මහත ශරීරයක් තියෙන කෙනෙකු ගේ ශරීරය අඩු විදිහට පේන්නත් ,ඇඟ කෙට්ටු කෙනකුට ශරීරය පිරිපුන්ව පෙනෙන්නත්, වම හමේ පාට අඩු කෙනෙකුට පාට වැඩි කරලා පෙන්වන්නත්, වයස වැඩි කෙනෙකු ගෙ පෙනුම අඩු කරලා පෙන්වන්නත් විලාසිතා කරන්න පුළුවන්. ඕනෑම විලාසිතාවකින් අප ගේ ජීවිතයට උපරිම වටිනාකමක් දෙන්න උත්සාහ කිරිමට අපි වග බලාගත යුතුයි.
අසුන්තා එදිරිසූරිය