මගේ හස්බන්ඩ් හරිම ලස්සනයි - මේනකා පීරිස්



මේනකා පීරිස්... වසර දෙකක නිහැඬියාවකට පස්සෙ පසුගිය දිනෙක ඇය මුල්වරට හඬ අවදි කළා. ඇගේ අලුත් වුණු ජීවිතේ, ඇය පුංචි පුතෙකුට ආදරණීය අම්මා කෙනෙක් වෙලා හිටියා. මේනකාගේ පුතු නමින් රොවේන් විද්වාන් පතිරණ.


පුංචි පුතු තුරුළට ආපු හැටි ගැන, මතක අවදිකරන මේනකා මේ විදිහේ කතාවක් පුවත්පත් මාධ්‍යවලට කියා තිබුණා.

"පුතා සීයට සීයක් හස්බන්ඩ් වගේ. කරන කියන දේවල් පවා. පුතා හම්බෙන්න ඉන්න කාලේ හස්බන්ඩ්ගේ අම්මා ෆොටෝ වගයක් පෙන්නුවා. මම ඒ ෆොටෝවලට හරිම ආසයි. මගේ හස්බන්ඩ් හරිම ලස්සනයි. මම එදාම කිව්වා අනේ මට මේ වගේම පුතෙක් ඕනි කියලා. හස්බන්ඩ්ගේ නැන්දා කෙනෙකුත් කිව්වා බලන්නකෝ මේ වගේම පුතෙක් තමා ලැබෙන්නෙ කියලා. මම බිත්තියේ පවා ගහගෙන හිටියා ඒ ෆොටෝ එක. පුතා ලැබෙනකන්ම මම දැක්කේ හස්බන්ඩ්ගේ පුංචි කාලය. ඉතින් ඒ වගේම ලස්සන පුතෙක් මට ලැබුණා.'

ගෙවුණු අතීතය ගැන ඇය කිව්වෙ මෙහෙම කතාවක්.. "අතීතය කියන්නෙ අතීතයට. දැන් අවුරුදු දෙකක් තිස්සෙ මම ජීවිතේ ඉස්සරහාම විතරයි බලන්නේ. හැමදේම වෙන්නෙ හොඳට.."





Previous Post Next Post