මධුමාදව අරවින්ද. ඔහු ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන අවශ්‍ය නැහැ කලක් මෙරට ගායන ක්ෂේත්‍රෙයේ තරු අතර ඉහළින්ම සිටි තරුවක් හැටියට ඔහුව හඳුන්වාදෙන්න පුළුවන්. මධුමාධව සමාජ ජාලාවල විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන කෙනෙක්.අද ඔහුගේ ප්‍රේක්ෂකයන් සහ හිතවතුන් කලබලයට පත් කරන ප්‍රකාශයක් සටහන් කරලා තිබුනා. ඔහු එය කවියක් ලෙසයි සටහන් කරලා තිබුණේ.එම කවියේ හැටියට නම් තිබුණේ ඔහුගේ කකුලක් කපා දමා ඇති බවයි.මෙහි ඇත්ත නැත්ත කුමක් වුවත් එම කවියට මධුමාදවට ආදරේ කරන අය කලබල වුණු බව එහි ප්‍රතිචාරවලින්ම පේනවා.
තනි තටුවෙන් පියාබන්න...
නැති පිහාටු අත හරින්න...
පන තියෙනව දරාගන්න....
ආසයි ආයෙත් දුවන්න...
හනි හනිකට හුස්ම ගන්න...
තනි තටුවෙන් පියාබන්න...
අපි හිතනදේවල්මද...
උනේ...
වෙන්නේ.... වෙන්න නියමිත.....
අපි හැමෝටම තියෙනවා අවසානයක්....
අන්න ඒ අවසානය එනකම්.....
වෙන හැමදේම දරා ගමු.......
අපිට වඩා ගොඩාක් දේ...
ගොඩාක් අයට නැති උනා...
ඉතිං, මමත්......
ලෑස්තියි......
තනි තටුවෙන් පියාබන්න...
ස්තූතියි උදව් කල හැමෝටම...