අමිලා නදීශානි සිය පවුලට එකතු වුණු දූ ගැන කියූ අමුතුම කතාව



අමිලා නදීශානි කියන්නෙ මතකයේ රැඳෙන ගී රැසකින් රසික හදවත් පිනවූ ජනප්‍රිය ගායිකාවක්...පසුගියදා ඇයගේ ආදරණීය පුතු විවාහ ගිවිස ගත්තා. මේ කතාබහ පුවත්පතක සටහන් වූයේ ඒ ගැනයි....


ඉතින් කොහොමද අමිලා. මේ දිනවල තරමක් කාර්යබහුලයි වගේ?

 "මම සහ අපේ පවුලේ හැමදෙනාම හොඳින් සහ සතුටින් ඉන්නවා. ඇත්තම කිවුවොත් මේ දිනවල අපි තුන් හතරදෙනාම කාර්යබහුලයි තමයි."


එහෙමනම් කියමුකෝ බලන්න මේ තරම් කාර්යබහුල ඇයි කියලත්.


"ගෙවුණු වකවානුවේ ලෝකයේ සැවොම වාගේම අපිත් ලොකු විවේකයක් ගත්තානේ. දැන් ඒ නැවතුණු වැඩ කටයුතු පටන් ගත්තා. ඒ නිසා මේ දිනවල දිගටම වැඩ. සංගීත ප්‍රසංග ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ පැවැත්වෙනවා. ඒ නිසා ඒ කටයුතු සමඟ කාර්යබහුලයි. විදෙස් රටවල සංවිධානය කරන ප්‍රසංග බොහොමයකටත් ආරාධනා ලැබුණත් බාරගත්තු ප්‍රසංග නිසා ඒවා පවා කල් දමන්න සිදු වුණා."


අලුත් සිංදු කිහිපයක් කරනවා කියලත් ආරංචියි.

 "ඔව්නේ.... අලුත් සිංදු 15ක් විතර කළා. ඒ අතරින් සිංදු 12ක් පමණ තෝරාගෙන ළඟදීම සංයුක්ත තැටියක් (CD) විදිහට එළිදක්වන්නත් සූදානමක් තියෙනවා. ඒවායේ පටිගත කිරීම් මේ දිනවල සිදු කෙරෙනවා. රූප රචනා කිහිපයකුත් කරන්න සූදානම් වෙනවා."


මේ සිංදු අතරේ විශේෂ සිංදු තුනකුත් තියෙනවා නේද?


"ඔව්. මම පද රචනය කළ සිංදු තුනක් මේ අතරේ තියෙනවා." 


ඔයාලගේ සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු එහෙම කොහොමද?


"ඒ වැඩ කටයුතු ඔක්කොම ඉතින් මගේ ආදරණීය සැමියා සමන්තගේ අතින්නෙ ඉටු වෙන්නෙ.අපේ කණ්ඩායමට නව මුහුණුවරක් දීලා වෙනස්ම විදිහට කරගෙන යන්නත් ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා. ඇත්තම කිවුවොත් සමන්ත මේ දිනවල කාර්යබහුල වෙලා ඉන්නෙ ඒ වැඩ කටයුතු එක්ක." ඊට අමතරව ඔහු වීඩියෝ ග්‍රැෆි කටයුතුවලත් නිරත වෙනවා. "ඔව්. " ආයුබෝවන් ශ්‍රී ලංකා, ආයු ශ්‍රී සහ අමිලා නදීශානි" කියන යූ ටියුබ් චැනල් තුනම කරගෙන යන්නෙ සමන්ත තමයි."


අමිලා නදීෂානි කියන්නෙ ආදරණීය මවක්. විශේෂයෙන්ම කියන්න ඕනේ කඩවසම් යොවුන් පුතෙක්ගෙ මවක්.පුතා ගැන අලුත් ආරංචි ඇති නේද අපිට කියන්නෙ?


"පුංචි ආරංචියක් නැතුවාම නෙවෙයි. දැන් එයා වයස අවුරුදු 21ක තරුණයෙක්.  පෞද්ගලික විශ්වවිද්‍යාලයක IT උපාධියක් හදාරනවා. ඉතින් පුතා පසුගිය දවසක විවාහ ගිවිස ගත්තා. ඒ දුවත් තවම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරනවා. පාසල් කාලයේ දී ඇතිවුණු ප්‍රේමයට අපි ඉතින් ආශීර්වාද කළා." 


ඒ කියන්නෙ දැන් අමිලා ට දියණියන් දෙන්නෙක්.?


"අනේ ඔව්. නෙත්මි ආශිංසා කියන්නෙ දැන් මගේ ලොකු දූ. ඇත්තටම අපි එයාට කතා කරන්නෙ ලොකු දූ කියලයි.  මම හරිම ආදරේ කරන දරුවෙක් ඇය. මම හැම තිස්සෙම හිතන්නෙ අපිට එයාව ලැබුණා කියලා නෙමෙයි අපි එයාව ප්‍රාර්ථනා කරලා ලබාගන්න ඕනේ කෙනෙක් කියලයි. අපි හැමෝම නෙත්මිට හරිම ආදරෙයි. එයා හොඳ දරුවෙක්." ලොකු දූ ගැන ලිවුවාම පොඩි දූ තරහා වෙයි. එයා ගැනත් කියන්නකෝ. "ලිතුම්යා සෙතුම්දි මගේ චුටි දූ. දැන් වයස අවුරුදු 10යි. ජාත්‍යන්තර පාසලක පහ වසරේ ඉගෙනුම ලබනවා. අයියාට වාගේම අක්කිටත් එයා ආදරෙයි. අක්කිත් එයාට ගොඩක් ආදරෙයි.





Previous Post Next Post