මම ජනප්‍රිය වෙන්න නෙමෙයි සංගීතයට යොමු වුණේ - යොහානි




යොහානි ගැන දැන් අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වසඟයට ගනන ට ඇයට හැකි වුණා. මේ වෙද්දි එහි හින්දි ගීතය අතිශයින්ම ජනප්‍රියයි. එය ඇතුළත් හින්දි චිත්‍රපටය Thank God ඔක්තෝම්බර් 25 සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වනවා. මේ සියල්ල නිසාම යොහානිව  සොඳුරු කතාබහකට එක්කර ගත්තා.


කොහොමද යොහානි මේ දවස්වල ජීවිතේ?


හොඳින් ඉන්නවා. ටිකක් කාර්ය බහුලයි.


මේ වෙද්දි යොහානිගෙ යූටියුබ් එක ට ඉන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණය කොහොමද?


3,446,316


හින්දි සිංදුව කී දෙන්නෙක් මේ වෙද්දි බලලා තියෙනවා ද?


79,138,021 views


මෙතෙක් ලැබුණු හොඳම කමෙන්ට් එක කාගෙන්ද?


හොඳම කමෙන්ට් එක ලැබුණේ හින්දි ගීතය රචනය කළ Rashmi Virag ගෙන්.


ඉන්දියාවේ වැඩ කරන්න ආසාවෙන් ඉන්න සංගීත අධ්‍යක්ෂක හෝ ගායකයා කවුද?


A. R. Rahman, Pritam Chakraborty, Arijit Singh, Sonu Nigam , Jubin , Guru, Bhadsha, Devine


මැණිකේ ගීතය යොහානිගෙ ජීවිතේම වෙනස් කළා කියලද හිතන්නෙ?


ඔව්, ගීතයෙන් පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා.


දෙයක් කරලා ජනප්‍රිය වෙන්න පුළුවන් ඒක පවත්වාගෙන යන්න යි අමාරු , යොහානි කොහොමද ලැබුණු ජනප්‍රියත්වය රැක ගන්නෙ?


මම ජනප්‍රිය වෙන්න නෙමෙයි සංගීතයට යොමු වුණේ. ඒ නිසා ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න උත්සාහ කරන්නේ නෑ. නමුත් සංගීතය නිසා ගොඩක් මිනිස්සුන්ගෙ ආදරය ලැබුණා. ඉදිරියටත් හොඳ නිර්මාණ ඒ රසික රසිකාවියන්ට ඉදිරිපත් කරන්න තමයි උත්සාහ කරන්නේ.


ඉදිරියේදි වැඩිපුර නිර්මාණ කරන්නෙ ඉන්දියානු රසික රසිකාවියන් වෙනුවෙන් ද?


එහෙම බේදයක් නෑ. මම කැමති හොඳ නිර්මාණ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.


මොනවාද අලුතින් කළ නිර්මාණ?


මේ වෙද්දි නිර්මාණ කිහිපයක් කරලා තියෙන්නේ. ඉදිරියේදී ඉක්මනින් අහන්න පුළුවන් වෙයි කියල හිතනවා.


ඉන්දියාවේ ඉන්නමද කල්පනාව?


මේ දවස්වල ඉන්දියාවේ වැඩ කටයුතු කිහිපයක් කරන හින්ද ගොඩක් වෙලාවට ඉන්දියාවේ තමයි ඉන්නේ. නමුත් ලැබෙන හැම අවස්ථාවකම ලංකාවට එනවා.


ඉන්දියාව එක්ක ඉදිරියට එන්න තියෙන්නේ මොනවාද?


තව projects කීපයකටම ආරාධනා ලැබුණා. ඇත්තටම මේ ගීතය නිසා නොහිතපු ආකාරයෙන් ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් සංගීත නිර්මාතෘ චමත්ටත්, මුල් ගායනය සහ මගෙත් එක්ක රැප් එක ගයනා කල සතීෂාන්ටත්, පද රචනා කල දුලාන්ටත්, සින්දුව නැවත නිර්මාණය කිරීමට සහ බෙදා හරින්න අවසරය දුන් හසිත්ටත්, මගේ පිටුපසින් සෑම මොහොතේම ඉන්න දිලංජන් ඇතුළු පෙටා ඉෆෙක්ට් (Pettah Effect) කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමි වෙන්න ඕනේ.


හැබැයි කාලයත් එක්කම යොහානි ටිකක් නිහඬ වුණා වගේ හැඟීමක් තියෙනවා, ඒ ගැන මොකක් ද කියන්න තියෙන්නේ?


ලංකාවේ වැඩක් කරනවා වගේ දේවල් ඉක්මනට කරන්න විදිහක් නැහැ. ඒ නිසා හෙමිහිට වැඩ කටයුතු කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.


ලයිෆ් එකේ සිදුවුණ දෙයක් වෙනස් කර ගන්න වරමක් ලැබුණොත් මොකක් ද වෙනස් කර ගන්නෙ?


එහෙම වෙනස් කරන්න කිසිම දෙයක් නැහැ.


Thank God ෆිල්ම් ප්‍රිමියර් එකට සූදානම කොහොමද?


ෆිල්ම් එක ප්‍රිමියර් වෙනකොට මම ප්‍රසංගයක් සඳහා වෙන රටකට යනවා.


ෆිල්ම් එක ලොව වටා තිරගත වෙද්දී ඔබත් ඒ වෙනුවෙන් කරන ප්‍රචාරණ වැඩවලට යනවා ද?


ඒත් එක්කම මගේ ප්‍රසංග ආරම්භ වෙන නිසා ප්‍රචාරණ කටයුතුවලට සහභාගී වෙන්නේ නැහැ.


ලංකාවට එන්නෙ කවදද?


දෙසැම්බර් මාසයේදී


ජීවිතේ ඉලක්ක මොනවාද?


රසිකයන් ලක්ෂයක් ඉන්න ප්‍රසංගයක් කරන්න තමයි බලාපොරොත්තුව.්‍





Previous Post Next Post