ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ ආදරණීය බිරිඳ වන ශිරෝමි රොමේෂිකා හදිසි අනතුරකට ලක්ව පසුගිය ඉරිදා දින (09) රෝහල්ගත කර තිබෙනවා. මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ඇගේ තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි අමල් පෙරේරා සඳහන් කරන්නෙ. මේ අතර, ශිරෝෂිට ඉක්මන් සුව පතමින් කලා ලොවේ ආදරණීයයන් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය වෙත සංවේදී සටහන් මුදාහැර තිබුණා.
එවැනි සටහනක් පහතින්.
ඔයාට මගේ හිතේ මොන තරම් ආදරයක් තියෙනවද කියලා හරියටම දැනගත්තෙ අද නංගි.. අපිට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා කෙල්ලෙ..හමුවුන වෙලාවක විහිළුවක් කරලා හිනාවෙන ඔයා මට වඩා මගේ කොල්ලට ආදරේද කියලා හිතුන තැන් තියෙනවා. කට පුරා ඌට පුතේ කිය කිය කතා කරපු විදිය මට මගේ අක්කි කිය කිය පෙන්නපු ළෙන්ගතුකම... ඔයාට බුද්ධ ශක්තියේ සහ දෙවියන් වහන්සේගේ ශක්තියේ බලයෙන් වගේම සොබාදහමේ ආශිර්වාදයෙන් ඉක්මන් සුව ලැබෙන්න ඕන. ඉක්මනට සනීප වෙන්න අපිට වැඩ කරන්න තියෙනවා රත්තරනේ ...