දෙදහස් දොළහේ ‘ඔබ නැතිව ඔබ එක්ක’ සිනමා සිත්තමෙන් තම රංගනයේ ප්‍රබලත්වය විදහා පෑ ඔහු ලාංකීය සිනමාව කැළඹූ විශිෂ්ටයෙකි. රෝජා, නායකන්, ගුරු, රාවණන්, චෙක්ක විමන්ති වානම් ආදී සිනමාපට අධ්‍යක්ෂණය කළ සුප්‍රකට ඉන්දීය සිනමාකරු මනිරත්නම්ගේ නවතම සිනමාපටය වන පොන්නියන් සෙල්වන් සඳහා ද ඔහු රංගනයෙන් දායක වෙනවා. ඔය අතර මේ දිනවල අපේ රටේ සිනමා හල්වල තිරගත වන සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ ‘ප්‍රාණ’ සිනමා නිර්මාණයෙන් ද ඔහුගේ රංගනයේ ප්‍රබලත්වය විදහාපානවා. තවද පසුගියදා ඔස්ටේ්‍රලියාවේ පැවැති Asian Pacific අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ සංස්කෘතික විවිධත්ව සම්මාන අංශයේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලබාගත් ප්‍රසන්න විතානගේ ගේ ‘ගාඩි’ සිනමා නිර්මාණයට ද ඔහු රංගනනේ දායක වෙනවා. වේදිකා නාට්‍ය කලාව, ටෙලිනාට්‍ය කලාව වගේම සිනමා කලාවේද එකිනෙකා පරයා යන අයුරින් තම ශාක්‍යතාවය ඔප්නංවන මේ රංගධරයා නමින් ශ්‍යාම් ප්‍රනාන්දුය.
ශ්‍යාම් ප්‍රනාන්දු මේ දිනවල සිනමාව කැළඹන චරිතයක් බවට පත් වෙලා කිව්වොත්?
ඔව්. මම හිතනවා ඒ වගේ අදහසක් දැනෙනවා ඇත්තේ මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට කිහිපයක්ම එක දිගටම ප්‍රදර්ශනය වෙන්න තියෙනවා වගේම ප්‍රදර්ශනය වෙමිනුත් තියෙනවා. විශේෂයෙන් ඒ චිත්‍රපට අතරේ මේ දිනවල තිරගත වෙනවා සිනේමා කියන චිත්‍රපටය. ඊළඟට පසුගියදා තිරගත වීම ආරම්භ කළා මනිරත්නම් කියන අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කළ පොන්නියන් සෙල්වන් චිත්‍රපටය. ඉන්දියාවේ අග්‍රගණ්‍ය අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක දායක වෙන්න ලැබීම භාග්‍යයක්.
මේක මට සහ ලංකාවට විශේෂ මොහොතක්. මාව සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරපු ප්‍රාණ චිත්‍රපටයත් තිරගත වෙනවා.
ප්‍රාණ හි ඔබේ චරිතය සුවිශේෂයි නේද?
ඇත්තටම. මේ චිත්‍රපටය ඓතිහාසික තේමාවක් පාදක කරගෙන නිර්මාණය වෙලා තියෙන්නේ. අපි ලංකාවේ ඓතිහාසික කතා විදිහට ගොඩක් දැක්කේ රාජ්‍යත්වය සහ රජවරුන් සම්බන්ධ කතා. නමුත් සාමාන්‍ය මිනිසුන්ගේ වේදනාවත්, ඒ මිනිසුන්ගේ බලාපොරොත්තු සහ ජීවිතය සම්බන්ධයෙන් ඓතිහාසික පුවතක් ලංකාවේ නිර්මාණය වෙලා නෑ. විශේෂයෙන් අපේ උතුරු ප්‍රදේශයේ ජීවත් වන ද්‍රවිඩ ජනතාව පාදක කරගෙන ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ගේ අත්දැකීම් පිළිබඳ කතාවකුත් නිර්මාණය වෙලා තිබුණේ නෑ. ඒ අතින් බැලුවොත් ප්‍රාණ විශේෂයි. මගේ චරිතයත් සුවිශේෂයි. මම රංගනයෙන් දායක වුණු පොන්නියන් සෙල්වන් චිත්‍රපටයේ නියෝජනය කරන්නේ ශ්‍රී ලාංකික චරිතයක්. හැබැයි ප්‍රාණ චිත්‍රපටයේ මම ශ්‍රී ලාංකිකයෙක් විදිහට නිරූපණය කරන්නේ ඉන්දියානු මිෂනාරිවරයකුගේ චරිතයක්. ඉතින් මම උපරිම උත්සාහ කළා ඒ චරිතය හොඳින් නිර්මාණය කරන්න.
ඔබ දායක වුණු ‘ගාඩි’ සිනමා නිර්මාණයත් යළිත් වරක් ඇගයීමකට ලක්වෙනවා නේද?
ඒකත් විශේෂයි. මට රංගන ජීවිතයේ දායක වෙන්න ලැබුණු ඉතාම වටිනා චිත්‍රපට පෙළක් තමයි එක පෙළට ප්‍රදර්ශනය වෙන්නේ. ඒක නළුවකුගේ සමස්ත රංගන ජීවිතය ඇතුලේ ගත්තහම විශේෂ දෙයක්. මට ීැැාි කියන චිත්‍රපටය ගොඩක් විශේෂයි. ඒ වගේම තමයි පොන්නියන් සෙල්වන් කියන චිත්‍රපටය ජාත්‍යන්තර ප්‍රජාවට විවෘත එක සුවිශේෂයි. ඒ වගේම කලාත්මක ධාරාවේ ප්‍රසන්න විතානගේ සිනමා භාවිතාව ඇතුළේ ඔහු අවුරුදු 30 ක් තිස්සේ ඔහු දැකපු හීනයත් සැබෑ කර ගත්තු චිත්‍රපටයක් තමයි ‘ගාඩි’ කියන්නේ. ඒකත් එක්තරා විදිහකට ඉතිහාසයට සම්බන්ධ කතාවක්. 1818 ට සමකාලීනව සිදු වෙච්ච සිදුවීම් පෙළක් තමයි ඒ චිත්‍රපටයට දායක වෙන්නේ. මේකත් මම මගේ ජීවිතයේ හරි මහන්සි වුණු චරිතයක්.
මනිරත්නම් අධ්‍යක්ෂවරයා ඔබට මොනවද කිව්වේ?
මට ඉන්දියාවේ ඔය තරු ගුණය ඉහළින් තියෙන කිහිපදෙනකු සමග කතා කරන්න හම්බ වුණා. මේ චිත්‍රපටයට සම්බන්ධ වුණු හැමෝම කිව්වේ ඒක ඔවුන්ගේ ජීවිතයට ගොඩක් සුවිශේෂී දෙයක් කියලා. අහම්බයෙන් ලංකාවේ මට ඉන්න ලැබීම භාග්‍යයක්. ඇත්තටම මේක අපේ සිතුවිලි ඇතුලේ තේරුම් ගන්නත් බැරි තරම් අත්දැකීමක්.
තවම ඔබට අදහා ගන්නත් බැහැ
මෙවන් චරිතයක් ලැබුණා කියලා අන්න හරි. ඉන්දියානු චිත්‍රපටයක මට රඟපාන්න අවස්ථාව කොහොම හරි ලැබුණා කියමු. නමුත් මනිරත්නම් කියන අධ්‍යක්ෂවරයා යටතේ රඟපාන්න ලැබීම හිතා ගන්නත් බැරි දෙයක්.
ඔබට කාර්තික් හෝ වික්‍රම්ව මුණගැසුණාද?
මට කාර්ති එක්ක කතා කරන්න හම්බ වුණා. ජෙයාම් රවී මට හම්බ වුණා. සරත් කුමාර්, යොග්, අර්ජුන් සිදම්බරම් වගේ යාළුවො තමයි මාත් එක්ක දර්ශන තලවලදී හම්බ වුණේ. හැබැයි දර්ශන තලවල ඓශ්වර්යා රායි වගේම වික්‍රම් හිටියා. නමුත් ඔවුන් එක්ක මට කතා කරන්න හම්බ වුණේ නැහැ. නමුත් මට මනිරත්නම් අධ්‍යක්ෂවරයා සමග නිතර කතාබහ කරන්න ලැබුණා. ඔහු මුලින්ම මාව ඔඩිෂන් එකකට ඉන්දියාවට ගෙන්වා ගත්ත වෙලාවේ ඉඳලා කතාබහ කරන්න ලැබුණා.
වැඩේ කරලා ඉවර වුණහම මොනවද කිව්වෙ?
මම කෙටියෙන් කිව්වොත් මාව ඔහු ඉතාම සතුටින් භාරගත්තා. ලංකාවේ නළුවෙක් ඔහුගේ චිත්‍රපටයකට ගෙන්වාගෙන මම අසාර්ථක වුණොත් දරන්න වෙන පිරිවැය සහ ඔහුට ගෙවන්න වෙන වන්දිය විශාලයිනේ. ඒ රූපගත කිරීම් අතරේදී ඔහු ඉතාමත් හොඳ ප්‍රතිචාර දැක්වූවා. එතැන හිටපු හැමෝම සාක්ෂි දරනවා. අන්තිම දර්ශනය කරලා ඉවර වුණාට පස්සේ පළමුවැනි සහාය අධ්‍යක්ෂ මා ළඟට ඇවිත් කිව්වා මනිරත්නම් සර්ව ඔයා හම්බ වෙනවා. සර් ඊළඟ දර්ශනයට ඉතාම ඉක්මනින් යන්න වෙන නිසා. සර් කියලා ගියා ඔබ ඉතාම විශිෂ්ට විදිහට මේ චරිතය ගොඩනැඟුවා කියලා. ඔහුට එක්තරා විදිහක කණගාටුවක් තිබුණා මට දෙමළ භාෂාව හොඳට හසුරුවන්න බැරි එක ගැන. දෙමළ භාෂාව ඉගෙන ගන්තේ නැත්නේ ඇයි කියලා ඇහුවා. එහෙම වුණා නම් ඔබට ඉන්දියානු සිනමාව ඇතුළේ යම්කිසි ඉඩක් හැදෙනවා නේද කියන අදහස මට අන්තිම මොහොතේ මතක් කළා.
ඒ කාලේ ගුරු වෘත්තියෙන් සමුදුන්න එක හොඳයි කියලා දැන් හිතනවාද?
ඒ තීරණය ගත්තේ මට මේ වගේ අවස්ථා ලැබෙයි කියලා හිතාගෙන නෙමෙයි. ඇත්තම කාරණය ඒ වෙලාවේ සමුගන්න හිතුවේ රංගන ශිල්පියෙක් විදිහට කාර්යබහුල වෙනකොට ගුරුවරයෙක් විදිහට මගේ භූමිකාව මට හරියට කරගන්න බැරි වෙනවා කියන හෘද සාක්ෂි ප්‍රශ්නයක් නිසා. අධ්‍යාපන බලධාරීන් මාව ගුරු වෘත්තියේ තියාගන්න අන්තිම මොහොත වෙනකම් උත්සහා කළා. මට සියයට සියයක් ඒ රාජකාරිය කරන්න බැරිව මට නිවාඩු දාන්න වෙන ප්‍රශ්නය හින්දයි ගුරු වෘත්තියෙන් ඉවත් වෙන්න තීරණය කළේ. හැබැයි එක විදිහකට මට උදව් වුණා සියයට සියයක් රංගනය සහ කලාව පැත්තට හිත යොමු කරලා වැඩ කරන්න. මම විශ්‍රාම ගත්තේ 2018 වසරේ. 2019 වසරේ අග භාගයේදී තමයි මට පොන්නියන් සෙල්වන් චිත්‍රපටයටත් ආරාධනා ලැබුණේ. ඒ තීරණයත් එක්ක කිසියම් හොඳ නිර්මාණ කිහිපයකට මටත් ජීවිතයේ ඉඩක් ලැබෙයි කියලා හිතන්නේ නැති වෙලාවක ඒවගේ නිර්මාණවලට පවා දායක වෙන්න ලැබීම ගැන සතුටුයි.
මෙච්චර හොඳ චරිත ටිකක් කරලද පසුගිය දවස්වල ලංකාව දාලා යන්න හැදුවේ?
ඔව්. තවමත් ඒ තීරණය ඒ විදිහටම තියෙනවා. මීට අවුරුදු දහයකට විතර කලින් තමයි රටකින් තව රටකට ගිහිල්ලා එන්න බැහැ වගේ තත්ත්වයක් තිබුණේ. දැන් එහෙම නැහැනේ. අපි ලංකාවේ කොළඹ ඉඳලා අනුරාධපුරේ දර්ශනයකට යන්න පැය හයක් හතක් යනවානේ. නමුත් මට ඉන්දියාවට යන්න පුළුවන් පැයකින්. ඒක ගැන දැන් ලෝකය දකින විදිහ වෙනස්. අනෙක් පැත්තෙන් තමයි මම යන්න උත්සාහ කළෙත්. මම ඉදිරියේදී යන්න උත්සාහ කරන්නෙත් පිටරට ගිහිල්ලා සල්ලි හම්බ කරලා මෙහේ පොල් ඉඩමක් ගන්නවත් වාහනයක් ගන්නවත් නෙමෙයි. දැන් ඒ අදහස ගොඩක් පරණයි. ඇත්තටම දැන් විදේශයකට යනවා කියන්නේ තමන් කරන වෘත්තිය සම්බන්ධයෙන් වෙනත් සංස්කෘතියක භූවිෂමතා කලාපයක අත්දැකීමක් ලබන එක තමයි. මේක එක රටකට අයිති දෙයක් නෙමෙයි. නමුත් කිසියම් වෘත්තියකට විවර වෙනවා කියන්නේ ලෝක මට්ටමින් ඕනෑම රැකියාවකට අවස්ථාව තියෙනවා. සිනමා කර්මාන්තයක් විදිහට අපි ඉතාම පසුගාමී තත්ත්වයක ඉන්නේ. මේක ඉස්සරහට ගෙනියන්න නම් අපි ලෝකයත් එක්ක ඉදිරියට යන්න ඕනෑ.
ඔබට ජාත්‍යන්තරයේ දොරටු විවර වුණා නේද? අදහසක් නැතිද ජාත්‍යන්තරයත් එක්ක දිගටම වැඩ කරන්න?
මම විතරක් නෙමෙයි. මේ වෙනකොට නදී කම්මැල්ලවීර, නිම්මි හරස්ගම, ලක්ෂාන් අබේනායක වගේ අය දැන් විදෙස් නිර්මාණවල නියැළෙනවා. මේක දැන් ලෝකේ අමුතු දෙයක් නෙමෙයි අපේ හිරාන් අබේසේකර ලන්ඩන්වල වේදිකා නාට්‍යවල හොඳම නළුවා වුණා. කිසිම රස්සාවක් භූගෝලීය කලාපයකට අයිති දෙයක් නෙමෙයි. ගෝලීය තත්ත්වයත් එක්ක හිතන්න ඕනෑ. නැති නම් ශිල්පීන් විදිහට අපි ඉස්සරහට යන්නෙත් නැහැ. කර්මාන්තයක් විදිහට අපි ඉස්සරහට යන්නෙත් නැහැ. මමත් ඇත්තටම පුළුවන් දුරට උත්සාහ කරනවා. අඩුම තරමේ අපි කරන උත්සාහයත් නව පරම්පරාව දැකලා අපිට මේ වගේ පාරක් විවෘත වෙලා තියෙනවා නේද කියලා හිතන්න ඕනෑ. මම මේ වයසේදී වුණත් තරුණ විදිහට හිතනවා. ගත වෙන ඊළඟ අවුරුදු කිහිපය හෝ යමක් කරන්න ජාත්‍යන්තරය කියන්නේ ලොකු ඈත මහා භයානක දෙයක් නෙමෙයි. විනාඩි ගණනක ළඟක තියෙන දෙයක්.
ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?
ඇත්තටම ලොකු සතුටක් තියෙනවා ලංකාව ඇතුළේ සංඛ්‍යාත්මකව ශ්‍යාම් ප්‍රනාන්දු කියන රංගන ශිල්පියාව ගොඩක් අය දන්නේ නෑ. ඇත්තම කාරණය හැබැයි මම ගොඩක් වේදිකාවේ වැඩ කළේ රාජිත දිසානායක කියන නාට්‍යකරුවා එක්ක. එතකොට චිත්‍රපටවලදී මට ප්‍රධාන චරිත රඟපාන්න හම්බ වුණේ ප්‍රසන්න විතානගේ කියන අධ්‍යක්ෂවරයා යටතේ. ඒ ගතවුණ අවුරුදු කීපය මේ දක්වා මම ගොඩක් පෝෂණය කළා. ශ්‍යාම් ප්‍රනාන්දු කියන රංගන ශිල්පියාගේ මුල් ටික හැදුවේ, අරටුව හැදුවේ ලංකාවේ විශාල විදිහට නිර්මාණශීලී ශ්‍රමයක් වගුරවපු දක්ෂ මිනිස්සු ටිකක්. ඒ ගොඩනඟපු අරටුවේ ප්‍රතිඵල තමයි දැන් දකින්න ලැබෙන්නේ. මම තව තරුණ අයටත් යෝජනා කරන්නේ තමුන්ව කොච්චර මිනිස්සු දන්නවාද කියන එකට වඩා වැදගත් වෙන්නේ තමන්ගේ ශිල්පීය ඥානය සහ හැකියාව ප්‍රගුණ කරනවා ද කියන එකයි. එහෙම වෙලා තිබුණොත් ඔබට කවදාහරි අවස්ථාවක ජාත්‍යන්තර හෝ ලෝක මට්ටමේ තිබෙන දේවල්වලට යන්න අවස්ථාව උදා වෙනවා.
ලංකාවේ සිනමාව ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?
නිර්මාණ ශිල්පීන් වන අප ඉතාම හොඳ මට්ටමක ඉන්නවා. අපි මේ වෙනකම් කතා කරපු කරුණු ඇතුළෙත් ඒ කාරණාව ඔප්පු වෙලා තියෙනවා. ලෝක මට්ටමේ සම්මාන උළෙලවල අපේ සිනමාව අගයන මට්ටමක තියෙනවා. ඒක ගැන සතුටු වෙන්න ඕනෑ. අපේ නිර්මාණාත්මක ගුණයට සාපේක්ෂව සිනමාව කර්මාන්තයක් විදිහට වර්ධනය වෙච්ච නැති එකයි මම හිතන්නේ තියෙන ප්‍රශ්නය. ලංකාව ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. අපි හැමෝම දන්නවා අපි මේ වෙලාවේ ? තියෙන තත්ත්වයට වගකියන්න ඕනෑ පිරිස්ම වගකියන්න ඕනෑ. ලංකාවේ සිනමාව වැටිලා තියෙන තත්ත්වයටත් එක විදිහකට, මොකද අරවැනි නිර්මාණශීලී හැකියාවක් තියෙන මිනිස්සු ඉන්නවා නම් අපිට ඇයි බැරි වුණේ මේක කර්මාන්තයක් විදිහට සාර්ථක තැනකට ගේන්න කියන ප්‍රශ්නය තියෙනවා. අපි නිර්මාණාත්මකව ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. කර්මාන්තයක් විදිහට හිතාගන්න බැරි තරම් පස්සෙන් ඉන්නවා කියලා මම හිතනවා.
දිනේෂ් විතාන