ජනප්රිය සිනමා නළු රොෂාන් රණවන කියන්නේ වර්තමාන කලා ලෝකේ රංගන ශිල්පීන් අතරින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන රංගන ශිල්පියෙක් ලෙස ජනප්රියයි. රොෂාන් තම බිරිද කුෂ්ලානි ඔහුගේ ජීවිතයට සහ කලා කටයුතුවලට සහාය ලබාදෙන ආකාරය ගැන කලා පුවත්පතකට මෙසේ පැවසුවා.
"කුෂ්ලානිගෙන් මට ලැබෙන්නේ කියාගන්න බැරි තරම් ලොකු සහයෝගයක්. මගේ කලා කටයුතුවලට කාර්බහුල වෙද්දි කුෂ්ලානි මිනෙත්ගේ හැම වගකීමක්ම ඉෂ්ට කරනවා. සමහර දේවල් මටත් නොකියා ඇය ඉටු කරනවා. කුෂ්ලානි කියන්නේ හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. හොඳ රැකියාවක් කරපු කෙනෙක්. නමුත් ඇය දැන් ඒ හැම දෙයක්ම අත්හැරලා මම වෙනුවෙන්ම කැප වෙලා ඉන්නවා"