අපි විවාහ වුනේ අවුරුදු 6ක් ආදරය කරලා - සඳනි පතිරගේ




පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට ආව සුරූපී නිලි සඳනි පතිරගේ පසුගියදා විවාහ වුණා. ඉතින් තනියම ජීවත් වෙද්දී තියෙන නිදහස, වගකීමකින් තොර බව විවාහ වුණාට පස්සේ වෙනස් වුණා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇය විවාහ වෙලා තවම ටික කාලයක් නිසා තවම ලොකු වගකීමක් ඇයට දැනුණේ නැහැලු. ඉතින් ඒ වගේම සියල්ල සමබර කරගෙන හොඳින් ජීවත් වෙන්න උත්සාහ කරනවා කියලත් ඇය කියනවා.ඒ වගේම ඇයගේ සැමියා තුෂාන් වික්‍රමසිංහ එයා අයි. ටී ඉංජිනේරුවරයෙක්ලු. කොහොම නමුත් ඇය මෙච්චර කාලයක් ඇයගේ දෙමාපියන් එක්ක ජීවත් වෙලා එකපාරටම වෙන ගෙදරක ජීවත් වෙනවා කියන්නේ ටිකක් අපහසු කටයුත්තක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම හස්බන්ඩ්ට ඉන්නේ අක්කයි අයියයි නිසා ඒ දෙන්නා විදෙස් ගත වෙලාලු ඉන්නේ. ඉතින් ගෙදර ඉන්නේ ඔහුගේ අම්මයි තාත්තයි නිසා ඒ දෙන්නා එක්ක හොදින් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා ඇය හිතනවාලු. හැබැයි ඇයට තවම නම් වෙනසක් වෙලා නැහැලු. ඉතින් එහෙම වෙයි කියලා ඇය හිතන්නේත් නැහැලු.



ඉතින් ඒ වගේම ඔවුන් විවාහ වුණේ අවුරුදු 6ක් ආදරේ කරලාලු. ඔවුන් ආදරේ කරන්න පටන් ගද්දී ඔහු හිටියේ විදෙස් ගත වෙලාලු. ඉතින් ඔහු දන්නෙත් නැහැලු ඇය නිළියක් කියලා. කතාබහ කරද්දී තමයිලු ඔහු දැන ගත්තේ. නමුත් ඔහු ඒකට මොකුත් කිව්වේ නැහැලු. ඊට පස්සේ ඔහු ඇයගේ නාට්‍යය යුටියුබ් එකෙන් බලලා තිබුණාලු.ඉතින් ඒ වගේම ඇය ගුරුවරියක් විදිහට වැඩ කරද්දී ඒකයි රගපෑමයි සමබරව කරන්න බැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ෂූටින් යද්දී නිවාඩු ගන්න අමාරුයිලු. ඒවාට දවස් ගණන් කැප කරන්න ඕනලු. ඉතින් ඒ හේතුව නිසා ඇය හිතුවාලු විවාහයෙන් පස්සේ රඟපාන්නේ නැහැ කියලා වගේම ගුරුවරියක් විදිහට විතරක් කටයුතු කරනවා කියලා.





Previous Post Next Post