මම දැනටමත් living together - මියැසි සංදීපනි

 


ලංකාවේ කලා ලෝකයට සැරෙන් සැරේ විවිධ අවස්ථාවන් වල දී එක එක විදිහේ චරිත එකතු වෙනවා. මේ චරිත වලට තියෙනවා ඔවුන්ගේ ජීවිතයත් එක්ක බැඳුණු හරි අපූරු ජීවන කතාවක්. බොහෝ දෙනෙක් ඔවුන් පිළිබඳව දැන ගත්තේ නැති වුණාට මේ දිනවල  කලාවට එකතු වෙන බොහෝ දෙනෙක් තමන්ගෙ අත්දැකීම් සහ තමන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ප්‍රේක්ෂකයන් එක්ක බෙදාහදාගන්න සූදානමින් ඉන්නවා. එනිසාම ගොඩක් අය ආධුනික කලාකරුවන් විදිහට ශේත්‍රයට එන බොහෝ දෙනෙක් පිළිබඳව දන්නවා. ඒ ආකාරයෙන් ක්ෂේත්‍රයට ආපු මුලින්ම නිරූපණ ක්ෂේත්‍රය තුළ නියලුනු ආදරණීය කලාකාරිනියක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඇය නමින් මියැසි සංදීපනි. මියැසි ගැන කතා කරද්දී ඇය එක්තරා අවස්ථාවකදී නිරූපිකාවක් විදිහටත් තවත් අවස්ථාවකදී ගායිකාවක් විදිහටත් අද වන විට දක්ෂ රංගන ශිල්පිනියක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. හැබැයි ඇයට ඒ කාලේ ඉඳන් නිළියක් වෙන්න ඕනෙ කියන හීනයක් තිබිලා නැහැ. ඇයට අවශ්‍ය වෙලා තියෙන්නේ ගායිකාවක් වෙන්න. පාසල් යන කාලේ පුරාවටම ඇය සංගීතය හදාරනවා. එනිසා හැමෝටම අවශ්‍ය වෙලා තියෙන්නේ ඇය සංගීතය පැත්තෙන් ඉදිරියට යනවා බලන්න

ඒ වගේම තමයි මේ දවස්වල විකාශය වන මල් පිපෙන කාලය ටෙලි නාට්‍යයේ ඇය  රංගන ශිල්පිනියක් විදිහටත් එකතු වෙලා ඉන්නවා අපිට දැකබලා ගන්න පුළුවන්. ඇයගේ ක්ෂේත්රය නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව කථා කරද්දී ඇය සඳහන් කරන්නේ කැමරාමන්ට ඕනි ඕනි විදිහට අපි හැසිරෙන්නේ නැතුව අපි අපේ අනන්‍යතාවය මත අඳින ඇඳුම පැළඳුම පවා හිතලා අපේ මේ ක්ෂේත්‍රය තුළ හිටියොත් අපිට පැවැත්ම හදා ගන්න පුළුවන් කියන දේ. ඒ වගේම තමයි විවාහය ආදරය ගැන කතා කරද්දී ඇය මේ වන විට අවුරුදු 28 ක තරුණියක් ඒ වගේම ඇයට ආදරය කරන්න ආදරවන්තයෙක් ඉන්නවා. මේ දෙන්නම හොඳ අවබෝධයෙන් තමයි ජීවිතේ ගත කරන්නේ. නමුත් බොහෝ දෙනෙක්  කියනවලු විවාහ උනාට පස්සේ ඔය තියන ආදරේ නැති වෙනවා අපිටත් එහෙම වෙලා තියෙන්නෙ කියලා ඇයට කියනවලු. එනිසා ඇය පොඩි බයකින් ඉන්නේ විවාහ උනහම මේ තියෙන ආදරේ නැති වෙයි කියන දෙයට. ඒ නිසා ඇය ඔහුත් එක්ක ජීවත් වන විදිහ පිළිබඳව කිව්වේ මේ වගේ කතාවක්.


“මම කැමතියි living  together කන්සෙප්ට් එකට. මොකද mutual understanding කියන එක මාර විදිහට තියෙනවා. එනිසා මම හිතනවා ඒක මාර හොඳයි කියලා. ගොඩක් කට්ටිය ඒකට කැමති නැහැ. මං කියන්නේ මේක මගේ මතය විතරයි. ඒ නිසා කවුරුත් එකට කෑගහන්න එපා. මම දැනටමත් living  together. එහෙම ආශ්‍රය කරද්දි අවුරුද්දක් දෙකක් යද්දී මෙයත් එක්ක ඉන්න පුලුවන්ද බැරිද කියලා අපිට තේරෙනවා. හැබැයි ඉතින් එහෙම කියලා මේ දකින දකින හැම කොල්ලා එක්කම ලිවින් ටුගෙදර් ඉන්නැහැ. අම්මා නම් කියනවා දැන් බඳින්න කියලා. හැබැයි එහෙම බඳින්න ඕනේ කියලා ෆිලීන් එකක් මට තාම ඇවිල්ලා නැහැ.”ඔන්න ඔය විදියට තමයි මියසි නව පරපුරේ රංගන ශිල්පිනියක් විදිහට ඇයගේ පෞද්ගලික ජීවිතය බොහෝ තැන්  පිළිබඳව කතා කරලා තිබුණේ.ඉතින් අපිත් ඇයට ඉතාමත් හොදින් සාර්ථකව ජීවිතය ගත කරන්න හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා එක් කරන්නේමු





Previous Post Next Post