ගයාන් වික්‍රමතිලක.. පුංචි තිරයේ දඩබ්බරයා වුණු ඔහු දැන් විවාහ වෙලා ඉන්නෙ එදා තරුණ තරුණියන් බේදයක් නැතුව ආකර්ශනය දිනාගත්ත නිළි චතුරිකා පීරිස් සමඟ යි. මේ දෙන්නාගේ පුංචි දඟ මල්ල නමින් ආරාධනා. ගයාන් ක්ෂේත්රයේ බොහෝ වෙලාවට කැපී පෙනෙන චරිතයක් නෙවෙයි. එහෙම වෙන්නෙ ඔහු නිර්මාණ අඩු සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය දුන් නිස යි.
කොහොම වුණත්, ඒ කියන “නිර්මාණ දායකත්වය” ගැන ගයාන් කිව්වේ මෙහෙම කතාවක්. “මට අවශ්‍ය නෑ කැපී පෙනෙන චරිතයක් වෙන්න. චැනල්වලට කතා කරලා මාව ගන්න කියලා නෑ. ස්ක්‍රිප්ට් රයිටර් ට කතා කරලා මගේ චරිතේ වැඩිපුර ලියන්න කියලා නෑ. ශෝ නෑ කියලා මම පසුතැවෙන් නෑ..” ගයාන් ඔහුගේ ආදරණීය බිරිඳ චතුරිකා ගැන කියන්නෙ මෙහෙමයි.. “චතුරිකා වගේ බිරිඳක් ලැබුණු එක මාව ශක්තිමත් කළේ. මොකද මං වගේ මනුස්සයෙක් කන්ට්‍රෝල් කරන්න ලේසි නෑ.
හොඳ පර්සනල්ටී එකක් තියනවා එයාට. පොඩි දේවල් ලොකුවට අරන් මගේ ඔලුව කන් නෑ. මම ගන්න තීරණවලට එයාගේ බලපෑමක් නෑ” ගයාන්ගේ පළමු විවාහය බොහෝ දෙනා අතරේ කතාබහට ලක්වුණා ඔබට මතක ඇති. ඒ ගැනත් ගයාන් මේ විදිහේ අදහසක් කියලා තිබුණා. “මගෙත් වැරදි තියෙන්න ඇති.. ඒ පැත්තෙත් වැරදි තියෙන්න ඇති… හැබැයි මම හිතනවා ගැළපෙන් නැති දෙන්නෙක් ගහ මරාගෙන ඔලු බිත්ති ගහගෙන, ළමයි ඉස්සරහා රංඩු සරුවල් වෙලා, එකිනෙකා මරාගෙන එක ගෙයක් ඇතුළේ ජීවත් වෙනවට වඩා වෙන් වෙන එක හොඳයි. ළමයින්ට මොකද්ද වෙන්නෙ තනිවෙනව නේද කියන හැඟීම්බර තැන්වලට හිතන්න නරකයි.. මොකද ඒක කෙළවර වෙන්න පුලුවන් මිනීමැරුමකින්. එතකොට ඔය කියන කවුරුත් නෑ. හිතන්නකෝ දරුවෝ හැමදාම දකින්නේ අම්මා තාත්තා බැනගන්නවා. එහෙම ජීවත් වෙන්න අවශ්‍ය නෑ..”