දිල්කි උරේෂා ගායිකාවක් වන්නේ ටික කලකට කලින්. නමුත් ඈ මෑතකදී තමයි ජනප්‍රිය වෙන්නේ, ඈ ගයන බොහෝ ගීත රසිකයින් වැලඳ ගන්නවා. ඒ නිසා මේ කතාබහ ඇය වෙනුවෙන් වෙන් කළා.
රටේ වාතාවරණය එක්ක මේ දවස්වල මොනවද කරන්නේ දිල්කී, ප්‍රසංග එහෙම අඩු ඇති නේද ..?
හැම කෙනෙකුටම වගේම මටත් ඇතැම් ප්‍රශ්න අදාළ වෙනවා. නමුත් පසුගිය කාලෙට සාපේක්ෂව දැන් නම් වැඩ ටිකක් ආයෙමත් එනවා. ප්‍රසංගවලටත් මම සම්බන්ධ වෙනවා. ආරාධනාත් ලැබෙනවා
ඒක ආර්ථිකයට බලපාන්නේ නැද්ද ..?
කොවිඩ් කාලේ නම් ගෙදරමයි හිටියේ, අනිත් කලාකරුවෝ වගේම, මොන ප්‍රශ්න ආවත් තවම මගේ ආර්ථිකයට නම් බලපාලා නැහැ. ඒකට හේතුව මම හිතන්නේ තවමත් අම්මා තාත්තා එක්ක ඉන්න නිසා වෙන්න ඇති
මේ දවස්වල දිල්කි කතාබට ලක් වෙන චරිතයක් වෙලා..?
කතාබහට නම් ලක් වෙලාද කියලා මම දන්නේ නැහැ . නමුත් නිහතමානීව කියන්න ඕන මම මේ ක්ෂේත්‍රයට ඇවිත් හරිම ටික කාලයයි. නමුත් රසික ප්‍රතිචාර නම් තියෙනවා කියන එක.
ඇයි චාමික කරුණාරත්නගේ ඇස් දෙකට කතා කළේ..?
ඒක පොඩි රඟපෑමක් විතරයි. මම සම්බන්ධ වුණු වැඩ සටහනක චාමික ගේ ඇස් දෙක බලාගෙන සිංදුව කියන්න කිව්වා. ඉතිං මම එහෙම කරා.
චාමික කියන්නේ කා අතරත් කතාබහට ලක් වුණු ක්‍රිකට් ක්‍රිඩකයෙක්, එයා ගේ ඇස් දෙක දිහා බලාගෙන සිංදු කියන්න අපහසු වුණේ නැද්ද ..?
පොඩි අපහසුතාවයක් දැනුනා. මේ දවස්වල වැඩිපුරම කතාබහ කරන පිරිසක් එක්ක තමයි මටයි කාවින්ද්‍යා අධිකාරිටයි ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒක මට නම් විශේෂ අවස්ථාවක්.
ඇත්ත කියන්න, එයාට ආදරයක් හිතුණේ නැද්ද ..?
පුද්ගලිවම මම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි. ඒ වගේම මම කැමති ක්‍රිඩකයෙක් තමයි චාමික කියන්නේ. ක්‍රීඩකයෙක් විදිහට ආදරෙයි. නමුත් එතනින් එහාට එහෙම දෙයක් නැහැ
ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගෙන් ආදරයට ඇරයුමක් ලැබුණොත් ..?
එහෙම ඇරයුමක් ලැබුණත් මම කැමති වෙන්නේ නැති වෙයි. ඒකට හේතුව මම පෙම්වතියක් නිසා. මගේ ආදර කතාව ප්‍රසිද්ධියේ කියලා තියෙන්නේ. මම එයාට ආදරේ කරන නිසා එහෙම හිත වෙන කෙනෙකුට යන එකක් නැහැ .
විවාහයට කෙනෙක් තෝරා ගත්තොත් ඔබ විවාහ වෙන්නේ මුදල් මත ද..?
මටත් සල්ලි තියෙනවා. සල්ලි කියන දේ අද තියෙන්න පුලුවන් හෙට නැති වෙන්න පුලුවන්. ඒ වුණාට ආදරේ කියන එක මැරෙන කල් තියෙන්න ඕන. ඔහු ජීවත් වෙනතුරු මාත් එක්ක ජීවත් වෙන්න ඕන. මට ඕන එහෙම කෙනෙක් මිසක් සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි. අනිත් එක ආදරේ සල්ලිවලට ගන්න බැහැ. මට ආදරණීය කෙනෙක් ඉන්නවා. මම එයා එක්ක විවාහයට සූදානම් වෙනවා.
ආදරේ නිසා දුක් විඳලා තියෙනව ද..?
ආදරේ නිසා දුක් විදලත් තියෙනවා . නැහැ කිව්වොත් ඒක බොරුවක්
කතාවක් තියෙනවානේ ප්‍රථම ප්‍රේමය හිතේ හංගගෙන ජීවත් වෙනවා බොහෝ දෙනෙක් කියලා , දිල්කිත් එහෙම ද..?
අනේ නැහැ. පාස්ට් ඊස් පාස්. ඒක අතිතයට අයිති දෙයක් . මම ජීවත් වෙන්නේ වර්තමානයේ. එහෙම මතක් කර කර දුක් වෙන්න අවශ්‍යම නැහැ . මම දැන් සතුටින් ජීවත් වෙන කෙනෙක්