ළමා රංගන ශිල්පියෙක් විදියට කලා ක්ශේෂ්ත්‍රයට ආපු කෝකිල පවන් ජයසූරිය අද වන විට රටම දන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ගායන හැකියාවත්, රංගන හැකියාවත්, හඩකැවීම් හැකියාවත් වගේම සියලු කලා හැකියාවන් පිහිටලා තියෙන කෝකිල මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රියයි.ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ‘මාලන්’ විදියට රසික ආකර්ෂණය දිනා ගත්ත ඔහුගේ එම විලාසිතාවන් පවා අනුකරණය කරන්නට ප්‍රේක්ෂකයා පෙළඹුනා. ඉතින් ඒ වගේම මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන ‘රැල්ල වෙරලට ආදරෙයි’ ටෙලිනාට්‍යයේ බාබු විදියටත් ඔහු අපි අතරට එනවා.
ඉතින් වෙනස්ම චරිත රංගනයන් හරහා කලා කෙත අස්වද්දන්නට සමත් කෝකිල කුඩා කාලයේ ඉදලම හැදී වැඩෙන්නේ ආච්චි අම්මා සහ සීයත් එක්කයි. ඉතින් ඔහු සදහන් කරන ආකාරයට ඔහුගේ හෙවනැල්ල වගේ ළගින්ම ඉන්නේ ඔහුගේ ආච්චියි. ඉතින් ආච්චි එක්ක ගත කරපු සුන්දර ජීවිතයේ එක අත්දැකීමක් මේ විදියටයි ඔහු රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ.
” මගේ ආච්චි කියනවට වඩා අම්මා කියන්න ඕන. කෝකිල පවන් කියලා යම් පුද්ගලයෙක් ඉන්නවනම් අද ස්ථිර තැනක ඒ හැමදේම මගේ ආච්චියි සීයයි නිසයි. ඉස්සර මම පොඩි කාලේ කොළඹ එන්න ඕන හඩකැවීම් කරන්න. ඉතින් ආච්චි අම්මා මාත් එක්ක එනවා කොළඹ. අපේ සීයගේ පඩිය දවසට 500ක් වගේ ලැබුණේ ඒ කාලේ. ඉතින් කොළඹ එන්නෙ රුපියල් සීයකින් වගේ. එක දවසක් ආච්චිට උයන්න බැරිවෙලා අපි දෙන්නා මාළු බනිස් ගෙඩියක් අරන් දෙකට කඩාගෙන කෑවා.”ඉතින් ආච්චි අම්මා එක්ක ගත කරපු අමතක නොවන සිද්ධීන් ගැන මේ විදියටයි සංවේදි වෙලා අදහස් දක්වලා තිබුණේ.