මීට සති කිහිපයකට පෙර අයිශ්වර්යා රායි දෙවැනි වතාවටත් ගැබිගත් බවට පුවතක් බොලිවුඩ් පුරයෙන් වාර්ත විය. කෙසේ වෙතත්, බොහෝ දෙනෙකු එය කට කතාවකට පමණක් සීමා කළ අතර, ඉන් පසුව ඒ පිළිබදව කිසිදු ප්රචාරයක් පළ නොවුණි.
එහෙත්, පසුගිය අඟහරුවාදා අයිශ්වර්යා හයිද්රබාහි පැවැති පොන්නි සෙල්වම්’ චිත්රපටයේ ප්රචාරක කටයුත්තක් සඳහා සහභාගි වි අතර, එහිදි ඇයගේ ඇඳුම් පැළඳුම් ගැබිණි මවකට බොහෝ සෙයින් සමානව තිබුණි. ඒ සමග යළිත් අයිශ්වර්යා ගැබිගත් කතාව මතුව තිබෙන අතර, බොහෝ දෙනෙකු පවසන්නේ අයිශ්වර්යා යළිත් ගැබිගත් කතාව ඇත්තක් බවය.