මම මගේ හොඳම යාලුවා එක්ක විවාහ වෙන්නේ -වොල්ගා කල්පනී




පුංචි තිරයේ ආදරණිය රංගන ශිල්පිනියක් වුණු ඇය නමින් වොල්ගා කල්පනී.ඇයට ම අනන්‍ය රූප ස තියකින් බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂක හදවත් වසගයට ගත්ත මොගා අද නිතරම වගේ රූප පෙට්ටියේ දකින්න පේන්න ඉන්න චරිතයක්.වොල්ගා පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමග එක් වෙමින් ඇගේ ජීවිතේ සුවිශේෂි මතකයන් ගැන මේ විදිහේ අනාවරණයක් සිදු කළා.


ජීවිතේ නිදහසේම හිටපු කාලය?


දියණිය සහ බිරිඳ කියන කාලය බොහෝම නිදහසේ හිටපු කාලය.


අභියෝගාත්මකව හිටපු කාලය මොකද්ද ?


ඒක නම් අනිවාර්යයෙන්ම දික්කසාද ගැහැනිය කියන ටයිට්ල් එක ආව දවසේ ඉඳන් ඒක පොඩි අභියෝගයක්.  දික්කසාද ගැහැනිය කියන එකට මම කැමතියි. ඒක හරි අමාරුයි. හැමෝටම කරන්න බෑ. මම කොහොමත් අමාරු වැඩවලට කැමතියි. ඒ නිසා මම කැමතියි. මම ආසයි..ජීවිතේ තේරුම් ගන්න පුළුවන් කාලයක්. කාටවත් එහෙම වෙන්න එපා කවදාවත්. මිනිස්සු කියන කතා අහන, ආශ්‍රය කරපු මිනිස්සු කියන දේවල් දරාගන්න. ඉස්සර මට පොඩි දේටත් ඇඩෙනවා. දැන් එහෙම නෑ. ලංකාවේ තමයි දික්කසාද ගැහැනියට මේ හරි නිකාන් අමුතු තැනක් තියෙන්නෙ. සැමියෙක් නැතුව දරුවෙක් හදාගන්න මිනිස්සු කොච්චර ඉත්නවද ?


දික්කාසදයට හේතුව ? 


හැම දික්කසාදයකට ම මම කියන් නෑ ඒකෙනෙක් වැරදි යි කියලා. මම මගේ හොඳම යාලුවා එක්ක විවාහ වෙන්නේ. අදටත් ඔහු සමඟ තරහා නෑ. හොඳට කතා කරලා සුහදව ඉන්නවා. මම වෙන කෙනෙක්ට චෝදනා කරන් නෑ. වොල්ගා තනිකඩයි කියනවා නම් එහි සියලු වගකීම භාරගන්නේ මම.

දික්කසාදයෙන් පස්සෙ කලින් සැමියා හම්බවුණත්.


නැවත යහලුවෝ හැටියට ආශ්‍රය කරන්න පූළුවන්ද ? 


ලංකාව වගේ රටක ඒක ලොකු ප්‍රශ්නයක්නේ. ඕපදූපවලට කැමතියින්නේ ලංකාවේ මිනිස්සු. මම කැමති නෑ බොරු සංස්කෘතියක් මවාගෙන ඉන්න. සංස්කෘතියට හරි වටිනවා. මේ පහුගිය 4 ඇතුළත අවස්ථාවන් ගොඩකට

මුහුණ දීලා තියෙනවා. අපි සුහදව කතා කරනවා.


විවාහයේදී දරුවන් ඉන්නවා නම් දික්කසාද නොවෙන ඒක හේතුවක්

වෙනවද ? 


ඇත්ත කතාව මට දරුවෙක් නැති නිසා, මම ඒ හැගීම තාම දන්නේ නෑ. ඒක හරිම ලස්සන හැගීමක්. මම ජීවිතේ ලබන්න ම කැමතිම වෙච්ච අත්දැකීම ඒක. හැබැයි. ඒක නෑ මට මේ වෙද්දි. ඒ නිසා මට ඒ ගැන කියන්න බෑ.






Previous Post Next Post