සාමාන්‍යයෙන් ගොඩක් ගෑනු ළමයි කැමති වෘත්තීන් දෙකක් තමයි ඉගැන්වීම සහ රංගනයේ යෙදීම කියන්නෙ’ ඒත් ඒ ක්‍ෂේත්‍ර දෙකටම අකමැති අසාමාන්‍ය ගෑනු ළමයින් ඉඳහිට අපි අතරෙම ඉන්න පුළුවන්’ අහම්බෙන් වගේ නවලිය දන්න කෙනෙක් තීරයටත් එහෙම කෙනෙක් මුණගැහුණා. ඇය නමින් සෙව්මිණි සෙව්මිණිගෙ අපිට දකින්න තියෙන විශේෂම දේ තමයි අද වනවිට ඇයට අකමැතියි කියන රංගනය සහ ඉගැන්වීමේ කටයුතුවල නියැළෙන්නට සිදුවීම’ සාර්ථක ලෙස විද්‍යා විෂයන් හදාරලා ඒ අංශයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න සෙව්මිණිට තමන් ප්‍රගුණ කරපු විෂය ධාරාව හරහා උපකාරක පංති පවත්වන්නට අවස්ථාව උදා වෙනවා’ ඔය අතරෙ ආරාධනා ලැබුණත් ජීවිතේ කිසිම දවසක රංගන කටයුතුවලට සම්බන්ධ නොවෙන්න හිතාගෙන හිටපු ඇයට අද වෙනකොට ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වෙමින් විකාශය වන ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ කල්පගේ සැබෑ ආදරේ දිනාගන්නා පවනි ලෙස රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නටත් සිදුවෙන්නෙ අනපේක්ෂිත ලෙස. ඒ විදිහට අකමැති දේවල්වලට කැමති වෙමින් සාර්ථක ලෙස අනාගතයට මුහුණ දෙන්න සූදානම් වන ඇය ඒ සුන්දර යටගියාව මේ විදිහට පුවත්පතක් සමඟින් කියා තිබුනා.
මූලික අධ්‍යාපනය
මම අධ්‍යාපනය ලැබුවෙ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන්. ඒ කාලෙ විශේෂ දක්ෂතා දැක්වූයෙ ක්‍රීඩා කටයුතුවලට. මම ක්‍රීඩාවෙ යෙදෙනවට මගේ තාත්තා වැඩි කැමැත්තක් තිබුණෙ නෑ. සමහර විට අධ්‍යාපන කටයුතු මගහැරෙයි කියල වෙන්න ඇති. ඒත් මම කරන්න පුළුවන් හැම ක්‍රීඩාවටම සම්බන්ධ වුණා.
පාසල් කාලෙන් පස්සෙ
පුංචි කාලෙ ඉඳල ලොකුම සහ එකම බලාපොරොත්තුව වුණේ මෙඩිසින් යන්න. ඒත් මට ඒකට ලකුණු මදිවුණා. ඊටපස්සෙ තමයි ප්‍රයිවට් මෙඩිසින් කරන්න නවලෝක කොලේජ් එකට ඇතුළත් වෙලා ෆොරින් ඩි්‍රගි එක කළේ. මේ වෙද්දි එහි පළමු අවුරුද්ද සාර්ථකව නිම කරල ඉතුරු අවුරුදු තුනේ ඉගෙනුම් කටයුතු සඳහා විදේශගත වෙන බලාපොරොත්තුවෙන් සිටිනවා.
සෙව්මිණි පවනි වෙනවා
කොරෝනා උවදුර අපි හැම කෙනෙකුගෙම විදේශ ගමන්වලට බාධාවක් වුණානෙ. ඔය අතරෙ තමයි මට සංගීතේ ටෙලිනාට්‍යයේ පවනිගෙ කැරැක්ටර් එකට ආරාධනා ලැබෙන්නෙ. ඒක අහම්බයක්. මගේ නංගි හංසි ස්වර්ණවාහිනියෙ අවුරුදු කුමාරි තරගයකින් ජය ලබලා එහි ප්‍රතිඵලයක් විදියට විවිධ කලා නිර්මාණවලට දායක වුණා. සංගීතේ ටෙලි ඩ්‍රාමා එකේ කැරැක්ටර්ස් වගේකට ඔඩිෂන් තියනවා කියලා ප්‍රභාත් චතුරංග අයියා නංගිට එන්න කියල තිබුණා. ඉතින් නංගි මට කිව්වා නිකන් ඉන්න එකේ යමු කියලා. එහෙම ගියාට පස්සෙ මට පොඩි ඩයලොග් එකක් දුන්නා. ඒක කිව්ව විතරයි ඔයා සිලෙක්ට් පුතා කියලා එතන හිටපු සාරංග මෙන්ඩිස් මහත්මයා මාව කල්පනගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් පවනි විදියට තෝර ගත්තා. නංගිව ඒ නාට්‍යයේ පොලා කියන කෙනාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදියට තේරුණා.
අම්ම තාත්තගෙ කැමැත්ත
අපෝ ඒක නම් ඉහළින්ම ලැබුණා. අපේ අම්මයි තාත්තයි දෙන්නම නංගියි මමයි කලා කටයුතුවල නියැළෙනවාට ලොකු කැමැත්තක් තියෙනවා. ඒ වගේම අපිට ගොඩක් අවස්ථාත් ලැබුණා. ඒත් මම නම් කැමති වුණේම නෑ රංගන ක්‍ෂේත්‍රයට එකතු වෙන්න. ඇත්තම කිව්වොත් මම හිතාගෙන හිටියෙ මට රඟපාන්න බැහැ කියලයි.
ක්‍ෂේත්‍ර දෙකකට අකමැතියි
ඔව්. ඒකට විශේෂ හේතුවක් නැහැ. ඒත් ඉගෙන ගන්නවා ඇරෙන්න උගන්වන්න මගේ හිතේ කවදාවත් ආසාවක් තිබුණෙ නෑ. ඒ වගේම තමයි රංගනය හරහා කැමරාවක් ඉදිරියට එනවා කියන එක මම හීනෙකින්වත් නොහිතපු දෙයක්. කොහොම වුණත් අද මට ඒ අකමැති විෂයන් දෙක තුළ නියැළෙන්න සිද්ධ වෙලා. මේ වෙද්දි මම විද්‍යා විෂය පිළිබඳව අමතර පංති පවත්වමින් සංගීතේ නාට්‍යයේ රඟපානවා
.දිගින් දිගට ආරාධනා
සංගීතේ නාට්‍යයේ මගේ රඟපෑම් දැකලා තවත් ටෙලිනාට්‍ය කීපයකටම ආරාධනා ලැබුණා. ඒත් ඇග්‍රිමන්ට් නිසා ආවට ගියාට හැම නිර්මාණයටම සම්බන්ධ වෙන්න බැහැ. ප්‍රධානම දේ මගේ විදේශ ගමන කොයි මොහොතෙ සිද්ධ වෙයිද කියලා කියන්න බැරිකම.
රංගනය තාවකාලිකයි
අධ්‍යාපන කටයුතු පැත්තකට දාලා රංගනයට මුල්තැන දෙන්න මගේ කිසිම සූදානමක් නැහැ. විශේෂයෙන්ම රංගන ක්‍ෂේත්‍රය ගත්තම ඕනම කෙනෙකුට එහි රැඳෙන්න පුළුවන් අපේ පෙනුම වගේම අතේ පයේ හයිය තියෙනකම් විතරයි. නමුත් අපි ඉගෙනගෙන දැනුම ලබාගෙන තිබුණම ඕනම වයසකදී ඒ දැනුම අපේ ජීවිතවලට විශාල ප්‍රයෝජනයක් වෙනවා. ඒ නිසා එදා වගේම අදත් මම මුල්තැන දෙන්නෙ මගේ අධ්‍යාපන කටයුතුවලට.
පෙම්වතාගෙ කැමැත්ත
රංගනයේ යෙදෙන්න එපා කියලා කිසිම වෙලාවක එයා මට බල කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට මගේ වැඩ කටයුතුවලට උපරිම සපෝර්ට් කරනවා. ඒත් මම ඒ දේවල්වලට යොමු නොවී ඉන්නවට වැඩි කැමැත්තකින් ඉන්න බව මම ඔහුගෙන් දකිනවා.
ඉදිරියේදී තහංචි
සමහරවිට වැටෙන්න පුළුවන්. ඒත් මම ඉදිරියේදී වුණත් රංගන කටයුතුවලට දායක වෙන්න හිතාගෙන ඉන්නෙ විනෝදාංශයක් විදියට නිසා ඒක මට දරාගෙන ඉන්න බැරි තරමේ ගැටලුවක් වෙන එකක් නෑ. එදා ඉඳල මගේ බලාපොරොත්තුව තිබුණෙ මෙඩිසින් කරලා ඒ හා සම්බන්ධ රැකියාවක නිරත වෙන්න. හෙට දවසේ ඒ බලාපොරොත්තුව ඉටුකරගන්න ලැබෙයි කියලා මගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා. විනෝදාංශයක් විදියට කලාවේ රැඳෙන්න ආසයි. ඒත් කිසිම කෙනෙකුගෙ දැඩි තහංචි මැද්දෙ මොන දේ වුණත් කරලා වැඩක් නෑ කියන තැන මම ඉන්නවා.
කැමතිම චරිත
මට ලැබුණ පළමු චරිතය අහිංසක චරිතයක්. මම ඒකට ගොඩක් කැමතියි. ඕනම කෙනෙක් රඟපාන චරිත හරහා ඒ අයට වෙනම රෝල් එකක් හැදෙනවා. ඒ නිසා ඉදිරියේදී මට ලැබෙන චරිතත් සුදු චරිත වෙනවානම් මම ගොඩක් කැමතියි.
තෝරා බේරා ගැනීම්
හැමදාමත් ඒ විදියටම තියාගෙන ඉන්නවා. ඒ තත්ත්වය වෘත්තීය රංගන ශිල්පිනියකට නම් බොහෝදුරට අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒත් මම කවදාවත් වෘත්තිය ලෙස රංගනය තෝරගන්න අදහසක් නැති නිසා එවැනි බලපෑම් නැතුව මට ඉදිරියට යන්නට හැකි වේවි.
අනාගතේ දවසක
මම ඉගෙනගන්න දේ හරහා හොඳ රැකියාවක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. කාර්යබහුල නොවී හොඳ නම තියාගෙන මට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් එදිනෙදා මගේ වැඩ කටයුතුත් එක්ක ඒ හැමදේම බැලන්ස් එකේ කරගෙන යන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් මම ආදරෙන් පිළිගන්න කෙනෙක්. මේ දේවල්වලින් ඈත් වෙන්න කියනවා නම් දඩබ්බර වෙලා මගේ මතයේ ඉඳගෙන වැඩ කරනවාට වඩා ඒ තරගකාරිත්වයෙන් මිදිලා ජීවත් වෙන්න බැරිකමකුත් මට නැහැ.
ධම්මික හේවාවසම්