මේ දිනවල නිතර රූපවාහිනී තිරය මත දකින සහ පෙනෙන චරිතයක් තමයි රශිප්‍රභා සන්දීපනී. ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් ද වන කාරණය පසුගිය දවස්වල අපිට හොඳාකාරවම දැකගන්නට ලැබුණා. ඇය පසුගිය දවසක ඇගේ මේ දවස් වල තොරතුරු පිලිබඳවත් කලා කටයුතු පිළිබඳවත් පුවත්පතක් සමඟ සාකච්ඡාවක් කරලා තිබුණා. ඒ සාකච්ඡාවේදී ඇය සඳහන් කරපු කරුණු කීපයක් තමයි මෙලෙස ඔබ වෙත අරගෙන එන්නේ.
ඇය මේ දවස් වල හරිම කාර්ය බහුලයි කියලා තමයි කියලා තිබුණේ . ගාමිණී හේවාවිතාරණ මහත්මයාගේ අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙලා සිටිනවා කියන කාරණාව මතක් කරන ගමන්ම මේ දවස් වල හිරු ටීවී එකේ සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයෙන්, සියත නාලිකාවේ රේස් කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙලා සිටින කාරණාවක් මතක් කරනවා. ඒත් සමගම ශක්ති ටීවී එකේ විකාශනය වීමට නියමිත දමිළ ටෙලි කතා මාලාවක වැඩ කටයුතු කරනවා කියලා තමයි සඳහන් කරන්නේ.
රේස් කියන ටෙලිනාට්‍යයේ ගිම්හානිගේ චරිතයට ඇයට මේ දවස්වල බොහොම ඉහල ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය සඳහන් කරන්නේ. ඉතින් ගිම්හානි නිසා සමහර අය මේ ටෙලි නාට්‍ය බලනව කියලා ඇයට ප්‍රතිචාර දක්වලා තිබුණා කියන කාරණාවත් සඳහන් වෙනවා. කොහොම වුනත් ඉතින් සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ චරිතය සඳහා මීට ප්‍රථම ව සහභාගී වුණේ ශලිනි තාරකා. නමුත් කොටස් 170ක් පමණ විකාශය වුණාට පස්සේ තමයි සත්සරණි ගේ චරිතයට මැයව තෝරා ගන්නේ. ඉතින් වෙනත් කෙනෙකු විසින් රඟ දක්වපු චරිතයකට අලුතෙන්ම හුරුවීම ටිකක් අපහසු කාරණාවක් වුණා කියලත් සඳහන් කරලා තිබුනා.
ශක්ති ටීවී නාලිකාවේ දමිළ චිත්‍රපටයකටත් ඇය සහභාගි වෙලා තිබුණා. එය තමයි ‘පාර්තිභා’ කියන චිත්‍රපටියේ ප්‍රධාන චරිතය. ඉතින් ශක්ති නාලිකාවේ ප්‍රධානී තුමා තමයි ඇයව මෙම චරිතයට සම්බන්ධ කරගෙන තිබෙන්නේ. ඉතින් දමිළ රසිකයන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාර සමග ඇයට අලුත් දමිල ටෙලි කතා මාලාවකට සම්බන්ධ කරගෙන තිබෙනවා.
සිනමාව තුළ ඇගේ දායකත්වය ගැන කතා කරන විට ඉසුරු වීරසිංහ මුදලි ගේ ‘නිමි’ චිත්‍රපටය නුදුරේදීම තිරගත වෙන්නට නියමිතයි කියලා සඳහන් කරලා තිබුනා. ඉතින් ඒත් එක්කම අලුත් නිර්මාණ දෙකකටත් ආරාධනා ලැබිලා තියන තිබෙනවා ලු.ලබන අවුරුද්දේ ඒවගේ රූගත කිරීම් ආරම්භ කරාවි කියලා තමයි ඇය සඳහන් කරල තිබුණා.නිමි කියන චිත්‍රපටයෙත් ඇගේ චරිතය දමිළ තරුණියක්ගේ චරිතයක්ලු. ඉතින් දමිළ නිර්මාණයන් වලට වැඩිපුර සම්බන්ධ වෙන්න ඇයට කැමැත්තක් තිබෙනවා කියන කාරණා සඳහන් කරලා තිබුනා.
කුඩා කාලයේදී ළමා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් සහ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට ඇය කටයුතු කරලා තිබෙනවා.ක්ශේත්‍රයට සම්බන්ධ වෙන්නේ 2012 වසරේදී උසස් පෙළ කරන අවධියේ. ඇය මා මුල්වරට හිරු නාලිකාවේ වැහිලිහිණි කියන නාට්‍යයෙන් කේෂ්ත්‍රයට පැමිණෙන්නේ. ඒත් සමගම ඇය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු රත්නාවලී ප්‍රේමතී ජායතී සෝකෝ හස්තිකාන්ත මන්ත්‍රය වැනි වේදිකා නාට්‍ය රැසකට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබෙනවා. ඇගේ ගුරුතුමිය තමයි ඇයව සරච්චන්ද්‍ර මහත්මියට හඳුන්වා දීලා තිබෙන්නේ.