පුංචි තිරයේ අහිංසකාවිය ලෙස රටක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි මදුෂන්කා කියන්නේ. රංගනයට වගේම නර්තනයටත් දක්ෂ ඇය දැන්නම් කළා නිර්මාණ තුලින් දකින්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ බොහෝ නිලියන් විවාහයෙන් පසුව කලාවේත් ඈත් වෙන බවක් දකින්න ලැබෙනවා. කුමක් හෝ පෞගලික හේතුවක් නිසා එහෙම වෙන්න පුලුවන්. මහේෂි ගැනත් ඒ විදියට විවිධ කටකතා දාලා තිබුනා.
ඇත්තටම දැන් මහේෂි රඟපාන්නේ නැත්තේ සැමියාගේ අකමැත්ත නිසාද. ගොසිප් වලින් මන් ගැන කියන දේවල් වලට වඩා මම මගේ කටින්ම කියපු දෙයක් විතරක් විශ්වාස කරන්න. මොකද සෝෂල් මිඩියා වල ඕන දෙයක් ඕන කෙනෙකුට දාන්න පුලුවන්. විවාහයෙන් පස්සෙත් මම දරුවෝ ලැබෙන්න ඉන්න කාලෙදිත් රඟපෑවා. ඒත් දරුවන් ලැබුනට පස්සේ අපි මොනතරම් කාර්යභහුල වෙනවද කියලා දන්නේ තවත් අම්මා කෙනෙක්ම තමයි. එහෙම තත්වයක දරුවෝ තනිකරලා රඟපාන්න යන්න විදියක් නැහැ. මොකද රංගනය කියන්නෙත් තවත් වගකීමක්. පවුල් ජිවිතේ වගේම කලාවේත් වගකීම් යුතුකම් තියනවා, අපි වැඩක් බරගත්තම ඉවර වෙනකල් ඒක කරන්න ඕන. හස්බන් මට හරිම ආදරෙයි එයා කිසිම වෙලාවක මට කියලා නැහැ රඟපාන්න එපා කියලා.
හස්බනුත් කාර්යභහුල කෙනෙක් නිසා මමත් වැඩිපුර කාර්යබහුල වුනොත් දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න වෙන්නේ නැහැනේ. සැමියා මට කවදාවත් නීති දාලා කොටුකරන්න හදලා නැහැ. එයාගෙන් උපරිම නිදහසක් ලැබෙනවා, විවාහ වුන දවසේ ඉඳලා තාමත් මට කතාකරන්නේ සුදු අම්මි කියලා. වෙලාවකට යාලුවෝ දෙන්නෙක් වගේ ඕනම දෙයක් හොඳින් කතාබහ කරන්න පුලුවන්. සමහර වෙලාවල් වලදී පුංචි පුංචි රණ්ඩු එහෙමත් වෙනවා, හැබැයි නිදාගන්න ඇඳට යන වෙලාවට ඒ හැමදෙයක්ම අමතක කරලා යන්නේ. කළා නිර්මාණ වලින් ඈත් වෙලා ඉන්න තවත් හේතුවක් වුනේ ඒකාලේ වගේ කලාත්මක නිර්මාණ දැන් බිහිවෙන්නේ අඩුවෙන්. ටෙලිනාට්‍යක් වුනත් කිසිම තේරුමක් නැතිව අවුරුදු ගණනක් විකාශය කරනවා. ඇත්තෙන්ම අපේ රටේ කලාව පිරිහීමකට ලක්වෙලා තියෙන්නේ. ප්‍රවීන කලාකරුවන්ටත් ඒක ලොකු ගැටළුවක් වෙලා තියෙන්නේ.