ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබ හමුවුණු, කවුරුත් ආදරේ කරන රංගන ශිල්පියෙක්. විශේෂයෙන් ම සමාජ මාධ්‍ය තුළත් ඉසුරු කතාබහට ලක්වන චරිතයක්.ඉතින් මේ තියෙන මතක ඉසුරු ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක් කරගත්ත සටහනක්.
සම්බන්ධතාවයක සෑම විටම අදියර 3 ක් ඇත:
පළමුවැන්න නම්,
සෑම දෙයක්ම හොඳින් සිද්ධවෙන කාලයයි, මෙම කාලය තුල සියලු දේ සුන්දරව ගලායන අතර, බැඳීම ගැටලුවලින් තොරවෙයි...හැමදේම හොඳින් සිදුවන වග අපට හැඟෙන්නේ මෙම කාලය තුලයි.
දෙවැන්න නම්,
ඔබ අනිකාගෙ අඩුපාඩුකම් තේරුම් ගැනීමට පටන්ගන්නා කාලයයි, මෙම කාලය තුලදී හේතුවක් නැති අඩදබර ඇතිවේ, ( මිනිසුන් සෑම විටම දේවල් නිවැරදි කිරීමට වඩා අත්හැරීමට කැමති නිසාවෙන් මෙම අදියර වඩාත් දුෂ්කර වේ)...තේරුම් නොගන්නා මිනිසුන් මගහැරෙන්නේ මේ කාලයේදිය.
අවසාන වශයෙන්,
වඩාත්ම සුන්දර වන්නේ තුන්වැන්නයි,
කෙනෙකුගේ අඩුපාඩුකම් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමෙන් පසුවත් ඔබ ඔවුන්ට සැබැවින්ම ප්‍රේමකරන්න හුරුවන්නේ මේ කාලයේය, බහින්බස්වීමෙන්,රණ්ඩු සරුවල් ඇතිකරගැනීමෙන් හෝ හිත රිදෙන වචන නොකියාම ප්‍රශ්න විසඳීමට ඔබ ඉගෙනගනු ඇත , ඔබ සැබවින්ම ප්‍රේමය යනු කුමක්දැයි වටහාගන්නේ මේ කාලයේදිය.