ඇය නමින් ඉෂංකා අබේසේකරයි. රංගන ක්ෂේත්‍ර තුළ මේ දින වල කතා බහ කරන සුන්දර නවක රංගන ශිල්පිනියක් වන ඇය තමන්ගේ රංගන හැකියාව ඉස්මතු කරමින් ප්‍රේක්ෂක සිත් සොරා ගැනීමට සමත් වී තිබෙනවා. මේ දිනවල විකාශය වන “කියා දෙන්න ආදරේ තරම්” ටෙලි නාට්‍යයේ සමන්දිනිගේ චරිතය නිරුපණය කරමින් ඇය ප්‍රේක්ෂක සිත් ඇද ගැනීමට සමත් වී තිබෙනවා.
ඇය සතු වෙනස්ම ආකාරයේ රූප ම්භාවය හේතුවෙන් බොහෝ දෙනා ඇය මලයාලම් සිනමා නිළියකට සමාන කර ඇති අතර ඇය මේ දින වල “කියා දෙන්න ආදරේ තරම්” ටෙලි නාට්‍යයේ කටයුතු කරන අතරතුර දමිළ කෙටි චිත්‍රපටයකට සම්බන්ධ වී කටයුතු කරනු ලබනවා.ඇය ප්‍රසිද්ධ පුවත්පතකට මේ දින වල සිදු කරන ඇයගේ කලා කටයුතු සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ඇය කලාවට පිවිසෙන්නේ චන්ද්‍රපාණි රූප රචනය හරහා බවයි. එම අවස්ථාව ඇයට හිමි වන්නේ අහම්බෙන් බවත් ඇව මෙහිදි මතක් කර සිටියා.
ඇයට රංගනයට පිවිසෙන්නට කලාව ගැන ඇයගේ සිතේ තිබු ආසාවල් බොහොමයක් උපකාරී වු බවත් ඇය කියා සිටියා. රංගන ක්ෂේත්‍රට තවමත් නවක රංගන ශිල්පිනයක් වන ඇයගේ මුහුණේ ඉරියව් මලයාලම් සිනමාවේ නිළියකට සමාන බව බොහෝ දෙනා පවසන බවත් ඇව මතක් කර සිටියා. එමෙන්ම ඇය නිර්මාණ වලදී මේකප් භාවිතා නොකරන බවත් ඇයගේ ස්භාවික පෙනුමෙන්ම ඇය රංගන කටයුතු කරන බවත් කියා සිටියා.
ඇය අද වන විට බොහෝ දෙන්නා හදුනන් සුන්දර චරිතයක් වන නිසා ඇයට ආදර යෝජනා පැමිණෙන බවත් ඒ සම්බන්ධයෙන් ඇය අදහස් දක්වමින් කියා සිටියේ ආදර යෝජනාවලින් නම් අඩුවක් නැති බවත්, මේ මොහොතේ ආදර සම්බන්ධයක් පවත්වන්න තරම් මානසික මට්ටමක් නොමැති බවත්, ආදරය සංසාරික දෙයක් කියලා තමන් විශ්වාස කරන බවත්, ඒ නිසා යම් යෝජනාවකට සැහැල්ලුවෙන් කැමැති වීමට නොහැකි බවත් ඇය පවසා සිටියා. රංගන කටයුතු වලට අමතරව ඇය වෘත්තියෙන් ව්‍යාපාරිකාවක් වන අතර ඇයට import & export company තිබෙන අතර ඊට අමතරව fashion designing සිදු කරනු ලබනවා.