පූජනිවත් දාලා ලංකාවෙන් ගිය ගයාන් මුහුණු පොතේ හදිසියේම දැම්ම සටහන

 


ගයාන් ගුණවර්ධන... එහෙම නැත්තම් ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධනගේ ආදරණීය පුත්‍රයා. හැබැයි ගයාන් නම් දැන් ගායකයෙක් විතරක් නෙවෙයි. නිරූපණ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක්.. නිතරම රූප පෙට්ටියේ පේන්න ඉන්න "ගයියා" හෙවත් ගයාන් පසුගිය දවසක විදෙස්ගත වුණා.


ඒ ඔහුගේ ආදරණීය පියා එක්ක, ප්‍රසංගයක් සඳහා සහභාගී වෙන්න, එංගලන්ත රටට. ඒ රටට ගියාම හැමෝම හිතුවේ ගයාන් ලංකාවෙන් යන්නම ගිහින් කියලයි. ගොඩක් අය "පූජනී කෝ" කියලත් ගයාන්ගෙන් අහලා තිබුණා. (හරි හරි ඒ දෙන්නා අතරේ මුකුත් නෑ කියලා ගයාන් කිව්වට රසිකයෝ එහෙම හිතනවනේ) කොහොම හරි ගයාන් කියන්නෙ තමන්ට ලැබෙන හැම "කමෙන්ට්" එකකටම වටිනාකමක් දෙන ඒවාට රිප්ලයි කරන කෙනෙක්. ඒ නිසාම ගයාන්ගේ ඒ නිහතමානීකමට ගොඩක් දෙනෙක් ආදරේ කරනවා.  මේ තියෙන්නෙ ගයාන් එංගලන්ත රටට ගොඩ බැස්ස සතුටට මන්දා දාපු ෆේස්බුක් සටහන..


ජීවිතේ සමහර දේවල් තියනවා කෝටි ගානක් වියදම් කලත් හම්බකරගන්න බැරි ! හරියට ඔයාලගෙන් ලැබෙන ආදරේ වගේ මතක තියාගන්න , සාර්ථකත්වයට යන්න උත්තෝලක නෑ පඩිපෙළ නැගගෙනම යන්නට ඕනා නැත්නම් කරන්ට් එක නැතිවුන දවසක තනියම පහළට එන්න බැරුව ඇද වැටෙන්න පුළුවන් ! හැබැයි පඩිපෙලෙන් ගිය කෙනාට කරන්ට් එක තිබ්බත් නැතත් හිතේ හුරුවට හරි පහළට ඇවිත් ආයේ පඩියෙන් පඩිය නැගගෙන හිටියටත් වඩා උඩකට වුනත් යන්න පුළුවන්





Previous Post Next Post