සිප වැළඳගැනීමේ දර්ශන රඟපෑමක් කියලා ඔහු දන්නවා - චතු රාජපක්ෂ



මෑත කාලයේ රිදී තිරය සහ පුංචි තිරය හරහා ප්‍රේක්ෂකාගාරයට එකතු වෙන ඈ නමින් චතු රාජපක්ෂ.. සිත් නෙත් පැහැරගත් රුවකට හිමිකම් කියන සුන්දර චතු මැතක පුවත්පතක් සමඟ ඇගෙ අලුත් වුණු පවුල් ජීවිතේ ගැන මෙහෙම කියලා තිබුණා.


"සැමියා එක්ක සතුටින් පවුල් ජීවිතේට මුල් තැන දීලා ජීවත් වෙනවා. සැමියා වන ඩී කොස්තා. ඔහු ව්‍යාපාරිකයෙක්. ඔහුගෙන් මගේ කලා වැඩවලට ලොකු සහයෝගයක් ලැබෙනවා. ගොඩක් අය හිතනවා විවාහ වුණාට පස්සේ රංගන ජීවිතේ වැඩ කරගෙන යන්න අමාරුයි කියලා. මගේ නම් ජීවිතේ වාසනාව ළඟාවුණේ ඔහු මගේ ජීවිතෙන්ට ආවට පස්සෙ."


ඇය ඇගේ රංගනය ගැන මෙහෙම කියනවා.

"නිතරම ප්‍රේමයෙන් ඉන්න, සිප වැළඳගැනීමේ දර්ශන දැක්කම සමහරු මගෙන් අහලත් තියෙනවා සැමියාගෙන් ප්‍රශ්න එන්නෙ නැද්ද කියලා. කවදාවත් නීතිරීති දාලා කොටු කරලා මාව තියාගන්න සැමියා උත්සාහ කරන් නෑ. විවාහ වුණාට පස්සෙ තමයි මම ගොඩක් චරිත නිදහසේ කරන්නේ."






Previous Post Next Post