මම හුගක් පාසල් කාලෙම ඇන්දෙ සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම් - යුරේනි නොෂිකා

 



යුරේනි නොෂිකා කියන්නේ නිරූපණ ශිල්පිනියක් විදියට කාගෙත් ආදරය දිනාගත්ත නිරන්තර කතාබහට ලක්වෙන චරිතයක්. මේ තියෙන්නේ ඇය මෑතක වැඩසටහනකට එක්වෙමින් සංවේදී ව පළ කළ අදහස් කිහිපයක්.


"අපේ ආච්චි අම්මා මට අවුරුද්දට ඇඳුම් දෙකයි මහලා දෙන්නේ. නත්තලට ඇඳුමක් මහලා දෙනවා. සිංහල අවුරුද්දට දෙනවා.මම හුගක් පාසල් කාලෙම ඇන්දෙ සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම්. අපේ පලියේ ගොඩක් පොහොසත් කට්ටිය හිටියේ. එයාලගේ ළමයින් අයින් කරපුවා තමයි මම ඇන්ඳේ. හැබැයි අද පිටරට වල ගිහින් ඇඳුමම් ගන්න, මම ආස කරන දේවල් ගන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒ හැමදෙයක්ම දකිද්දි මට මාර සතුටුයි වගේම දුකකුත් තියෙනවා. අපේ රටේ කාන්තාවක් තනියම හම්බකරොත් කියන්නෙ එයා ව්‍යාපාරිකයෙක් තියන් ඉන්නවා. දේශපාලඥයෙක් තියන් ඉන්නවා, නැත්තම් වටේ යනවා කියලා, හරි පහත් විදිහට තමයි දකින්නේ. මම හැම තිස්සෙම හිතන දෙයක් තමයි මාව ශක්තිමත් කළේ මිනිස්සුන්ගෙන් ආපු ගල් මුල්, අපහාස කි. මට මිනිස්සු මඩ ගහන තරමට මට පුදුම මොරාල් එකක් ආවා කවදහරි තැනකට ගිහින් පෙන්නනවා කියලා."






Previous Post Next Post