සසන්ති ජයසේකර කියන කාලයක් ලංකාවේ ටෙලි තිරයෙන් නිතරම වගේ ප්‍රේක්ෂක ඔබට සමිප වුණු අතිදක්ෂ රංගන ශිල්පිනියක්.විදෙස් ජාතිකයෙකු සමඟ විවාහ වුනු ඇය දැන් පදිංචිව සිටින්නේ එංගලන්තයේ. හදිසි අනතුරක් නිසා මෑතක ඇගේ ආදරණීය මල්ලි ජීවිතයට සමු දෙනවා. පසුගිය දවසක යෙදී තිබුණු මල්ලිගේ උපන්දිනය වෙනුවෙන්, සසන්ති ආදරණීය වගේම සංවේගය දනවන සටහනක් ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා.
86 ජූලි 18 වැනිදා රාත්‍රී 9.54ට නිල් බල්බ් පත්තු කරලා තිබ්බ වීදුරු පෙට්ටියක හිටපු කුඩාම දරුවා දිහා බලපු හැටි මට තාම මතකයි. මම ඔහුව දුටුව මොහොතේම ආදරේ කළා. ඒ මොහොතේ ඉඳන් ඔහු මගේ වුණා වගේම, මම ඔහුගේ ආරක්ෂකයා සහෝදරිය සහ දෙවැනි අම්මා වුණා. මාසයක් යනකන් අපිට එයාගේ නම ලියාගන්න බැරිවුණා. ඉතින් මම එයාට පුලුන් (ලංකාවේ කපු පුළුන්) කියලා නම දැම්මා. එදා ඉඳන් හැමෝම එයාට කතා කරපු නම පුළුන්. මගේ යාලුවෝ දන්නවා මම මගේ සහෝදරයෝ දෙන්නට කොච්චර ලෙන්ගතුයි ද කියලා. නමුත් පුලුන් ගැන කතා කරද්දි එයා මාවයි ලොකු මල්ලිවයි ගොඩක් ආරක්ෂා කළා. අපි එකට කළ සෑම දෙයක්ම මට මතකයි. වසර ගණනක් පුරා ඔබේ මතකයන් දහස් ගණනක් තියෙනවා. මම කුමක් කළ යුතුද කියලා මං දන් නෑ. මගේ සහෝදරයා සහ මගේ පුතාගේ වේදනාව. පවුලක් විදිහට අපි කරන්නෙ අරගලයක්.
ගිය අවුරුද්දේ ඔයාගේ බර්ත්ඩේ එක දවසේ මම උදේ ඔයාව බදාගෙන ඔයාට සුබ උපන්දිනයක් කියනකොට ඔයා ගොඩක් ආසාවෙන් අපිව රෑ කෑමකට එක්කගෙන ගියා. ඔයා මගෙන් ඇහුවා වැඩ ඇරිලා ගෙදර එන්න පරක්කු වෙන්න එපා කියලා. ඔයා ගොඩක් ත්‍යාගශීලි කෙනෙක්. වසර 35ක් ඔයාගේ කිසිම උපන්දිනයක් මට මඟ ඇරීලා නෑ. ඒත් අද...අපි හැමෝටම ඔයා නැතුව ගොඩක් පාලුයි. අපේ හදවත් තුළ සදාකාලිකවම ඔයා රැදේවී.. සොයුරියක් ලෙස මේ පින් මම ඔයාට අනුමෝදන් කරනවා. අපි ඔයාට ආදරෙයි පුළුන්. කොහේ හිටියත් සතුටින් ඉන්න.