දිපිකා රන්විර් යුවළ අලුත් නිවහනකට යයි

 


ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරු දෙකක් වන රන්වීර් සිං හා දිපීකා පදුකෝන් දෙදෙනා මීට දින කිහිපයකට පෙර අලුත් නිවහනකට ගිය පුවතක් වාර්තා වෙයි. ඉන්දීය රුපියල් කෝටි 119ක් වටිනා මෙම අලුත් නිවස පිහිටා ඇත්තේ මුම්බායි ඉන්ද්‍රා ප්‍රදේශයේ මුහුදු වෙරළට මුහුණලාය. වර්ග අඩි 11,266ක භූමියක පිහිටා ඇති මෙම නිවස තනි මහල් එකක් බව සඳහන් වෙයි. විශේෂත්වය වන්නේ මෙම නිවස දෙපස සුපිරි බොලිවුඩ් සිනමා තරු දෙකක් වු ෂාරුක් ඛාන් හා සල්මන් ඛාන්ගේ නිවාස පිහිටා තිබිමය. වාර්තා වන අන්දමට ඉන්දියාවේ තනි මහල් නිවාසයෝ මිළඳී ගත් ඉහළම ගණුදෙනුව මෙය බව සඳහන් වෙයි.






Previous Post Next Post