මම නිසා අම්මා විඳපු දුක් කන්දරාව මම හොඳඳටම දන්නවා - නිල්මිණිගේ ආදරණිය දෝණි ස්වේතා



නිල්මිණි තෙන්නකෝන්ගේ ආදරණිය දෝණි ස්වේතා, පසුගිය දවසක කාන්තා පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙලා හිටියා. මේ තියෙන්නෙ ඇය කියපු දේවල්.


මේ දවස්වල මොනාද කරන්නේ? 


උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා ඉන්න අතරේ ඉදිරියේ දී සයිකොලොජි ඉගෙන ගන්න හිතාගෙන ඉන්නවා. 


එවැනි විෂයන් ඉගෙන ගන්න විශේෂ හේතුවක් තියෙනවාද ? 


අපි අතරේ ඉන්න මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් මානසික ආතතියට පත් වෙන බව මම දන්නවා. ඉතින් ඇයි ඒ අය මානසිකව ඇද වැටෙන කියන හේතුව හොයලා ඒ සඳහා ප්‍රතිකර්ම යොදන්න මම කැමතියි. ඒ නිසයි මම ඒ විෂය ඉගෙන ගන්න හිතුවේ. අනාගත රැකියාව ලෙස තෝරගන්නේ සයිකොලොජි පැත්තෙන් කවුන්සලර් වගේ රැකියාවක්.


රංගනය වගේම රූපලාවන්‍ය කටයුතු කියන අම්මගේ රැකියාවන්වලට කැමති නැද්ද? 


අම්මා ඒ කටයුතු දෙකටම ඉතා දක්ෂයි. ඒ වෘත්තීන් දෙකටම මම ගොඩක් ගරු කරනවා. ඒත් ඒ අංශ දෙකම මට කම්ෆටබල් නෑ කියලා මම දන්නවා.



පසුගිය දවසක කැමරාව ඉදිරියට ගියා නේද ? 


ඔව් ඒ ඉතින් අම්මාගේ ආසාව ඉෂ්ඨ කරන්න වගේම අම්මට බෑ කියන බැරි නිසා. මොකද අම්මා මම වෙනුවෙන් මුලු ජීවිතේන්ම කැප කරමින් මාව මේ තැනට ගේන්න ලොකු වෙහෙසක් දරන කෙනෙක්. ඉතින් අම්මව සතුටු කරන එක මගේ යුතුකමක්. 


ගෙදර දොරේ වැඩවලට අම්මට උදව් කරන්නෙ කොහොමද? 


ඒ වැඩ කරන්න මම ගොඩක් ආසයි. අදටත් අම්මා ඉන්නවා නම් මට කිසිම දෙයක් කරන්න දෙන්නෙ නෑ අධ්‍යාපන කටයුතු කරගන්න කියලා තමයි කියන්නේ. සමහර වෙලාවට කියනවා එන මම ඔයාට මේ දේවල් කියලා දෙන්නම් කියලා. ඒත් එක්කම කියනවා බබා ඔයා ළිප ළගට යන්න එපා. පිහි අල්ලන්න එපා පරිස්සමින් කියලා. තවම මාව අත දරුවෙක් වගේ සළකන නිසා ඇත්තටම කුස්සිය මට ගොඩක් නුහුරුයි.


අම්මලගේ ඒ ආදරේට ප්‍රතිඋපකාර දක් වන්නෙ කොහොමද ? 


මගේ මුලු ජීවිතේම අම්මා. මම ඇයට ගොඩක් ආදරෙයි. මම නිසා අම්මා විඳපු දුක් කන්දරාව මම හොඳටම දන්නවා. අන්න ඒ නිසා කවදාවත් මම ඇයට දුකක් දෙන්නෙ නැතුව හොඳින් රැක බලාගන්න ඕන. ඒ යුතුකම මම නොපරිහෙලා ඉටු කරනවා. 


ධම්මික හේවාවසම් 





Previous Post Next Post