එංගලන්තයේ ලන්ඩන් නගරයේ මෙන්ම ප්රංශයේ පැරිස් නගරයේ ගත කළ බොලිවුඩ් සිනමා නිළි සෝනම් කපූර් හා කෝටිපති ව්යාපාරික ඇයගේ සැමියා වූ ආනන්ද අහුජා මේ වනවිට නැවතත් ඉන්දියාවට පැමිණ තිබේ. ඒ සෝනම්ගේ කුළුඳුල් දරුවා උපත ලැබීම තවත් දින කිහිපයක් ඉතිරිව ඇති හෙයිනි. අනිල් කපූර්ගේ පළමු මුණුබුරා පිළිගැනිමේ අටියෙන් ඔහු හා සෝනම්ගේ මව වූ සුනීතා කපූර් දෙදෙනා සුවිශේෂි වූ උත්සවයක් සංවිධානය කොට තිබෙන බව සඳහන් වෙයි. ඊට බොලිවුඩ් තරු රැසක් සහභාගි වීමට නියමිත අතර, ෂාරුක්, සල්මන්, දිපීකා, රන්වීර්, ආලියා, රන්බර්, සායිෆ්, කරිනාද ඊට එක්වෙන බව සඳහන් වෙයි.