ක්‍රීකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රිකට් ලෝලීන් රැසකගේ සිහින කුමරා වන දිනේෂ් චන්දිමාල් කියන්නේ හිටපු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක්. කඩුළු රකින්නෙකු සහ මැද පෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන දිනේෂ් චන්දිමාල්ට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් බොහෝමයක් සිටිනවා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව ගැන ඒ විදියට බලද්දී දිනේෂ් චන්දිමාල්ගේ පෞද්ගලික ජීවිතය ගැන ගොඩක් දෙනා දන්නවා. ඔහු විවාහ වෙලා ඉන්නේ ඉසිකා ජයසේකර සමගින්. පාසල් කාලයේ ඉඳලම ඔහු ඉසිකගෙන් ආදරය ඉල්ලුවත් ඇය ඒවා ප්‍රතික්ෂේප කරල තියෙනවා. සම වයස් දෙනෙක් වන දිනේෂ් චන්දිමාල් සහ ඉසිකා ආදරය පටන් අරන් තියෙන්නේ හරිම අපූරු විදියට. ඒ ගැන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් සහභාගී වුණු යු ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
"මම ඉසිකාගෙන් ආදරේ අහ අහ කරදර කළා. එයාලගේ ගෙදරටත් මම කෝල් ගන්නවා. මම පාඩම් කරන්න ගියේ ඉසිකගෙ නැදෑ මල්ලි කෙනෙක්ගේ ගෙදර. එයා මගේ හොඳ යාලුවෙක්. එයාගෙන් නම්බර් එක හොරෙන් අරන් මම ඉසිකාට කෝල් කළා. මෙයා එක්සැම් එකට පාඩම් කරනකොටත් මම කෝල් ගන්නවා. දවසක් මම කිව්වා මට හෙට ක්‍රිකට් ප්‍රැක්ටිස් තියෙනවා. මම ඔයා හා කිවෙ නැත්නම් යන්නෙ නෑ කියලා. ඊට පස්සෙ ඉසිකා මට හා කිවා. මට එදා පුදුම සතුටක් තිබුණේ. මම එදා 159ක් ගැහුවා සතුටට. නමුත් මෙයා මට ඒ වෙලාවේ හා කියලා තියෙන්නේ මගේ කරදරෙන් බේරෙන්න බැරි කමට කියලා පස්සෙ දවසක කිව්වා. ඊට පස්සෙ මගේ ආදරේ ගැන හිතලා හරියටම මම ගැන දුක හිතිලා හරියටම ආදරෙයි කිව්වා.
ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන රසිකයන් දිග්නේෂ් චන්දිමාල්ටත් ගොඩක් ආදරේ කරනවා. ඉතින් සතුටින් ජීවත් වෙන මේ ආදරණීය යුවළ දිනේෂ් චන්දිමාල්ගේත් ඉසිකා ජයසේකරගේත් සියලු පැතුම් ඉටුවෙන්න කියලා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරනවා.